විපක්ෂයේ පක්ෂ කිහිපයක් සතියක් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

වීඩියෝ ශීර්ෂ වැකිය, විපක්ෂය සතියක් පාර්ලිමේන්තුව වර්ජනය කරයි
Published

ජනතා ප්‍රශ්නවලට ආණ්ඩුව විසඳුම් ඉදිරිපත් කරන තුරු සතියක කාලයක් පාර්ලිමේන්තුව වර්ජනය කරන නිවේදනය කරමින් සමගි ජනබලවේගය නියෝජනය කරන සහ තවත් විපක්ෂ දේශපාලන පක්ෂ රැසක මන්ත්‍රීවරු අද (21) පාර්ලිමේන්තු සභාගැබෙන් පිටව ගියහ.

පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායක සහ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස කියාසිටියේ, ජනතා ප්‍රශ්නවලට විසඳුම් නැති නිසා සමගි ජන බලවේගය අද සිට පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ, සමගි ජන බලවේගය සහ අනුර කුමාර දිසානයක ප්‍රමුඛ ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සතියක කාලයක් පාර්ලිමේන්තුව වර්ජනය කරන බව ප්‍රකාශ කළහ.

දයාසිරි ජයසේකර ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විමල් වීරවංශ ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු, දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේශන්, අතුරලියේ රතන, වඩිවෙල් සුරේෂ් ඇතුළු විපක්ෂ හා ස්වාධීන මන්ත්‍රීවරුන් නියෝජනය කරන පක්ෂ ඊට සහය පළ කරමින් කතා කළහ.