කොහුවලදී ඇසුණු 'කුස්සියේ විලාපය'
Published
රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා 'කුස්සියේ විලාපය' ලෙස නම් කළ මේ විරෝධතාවය කොළඹ, කොහුවලදී පැවැත්වුණා.
ජුනි 11 වැනිදා පැවති එම විරෝධතාවයට මුළුතැන්ගෙයි උපකරණ ද රැගෙන ජනතාව පැමිණ සිටි අයුරු දක්නට ලැබුණි.
කාන්තාවෝ වැඩි වශයෙන් ඒ සඳහා එක්ව සිටියහ.

