පාස්පෝර්ට් ගන්න එන අයට ආගමන විගමන පාලකගෙන් විශේෂ පණිවුඩයක්

වීඩියෝ ශීර්ෂ වැකිය, පාස්පෝර්ට් ගන්න එන අයට ආගමන විගමන පාලකගෙන් විශේෂ පණිවුඩයක්
Published

ඡායාරූප ශාලාවලින් ලබා ගන්නා ඡායාරූප ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කිරීමට දුෂ්කර වීම මේ දිනවල ගමන් බලපත්‍ර ලබා ගැනීමට අපේක්ෂා කරන බොහෝ දෙනෙකු මුහුණපා සිටින ගැටලුවකි.

එමෙන්ම ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉතා දිගු පෝලිම් දක්නට ලැබේ.

ගමන් බලපත්‍ර ගාස්තු වැඩිවීම සහ මුද්‍රණය කළ ගමන් බලපත්‍ර අවසන් වෙමින් පවතින බවට ද ජනතාව තුළ බියක් පවතින බව සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබේ.

ඒ කරුණු ගැන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අංශයේ පාලක ප්‍රියන්ත හපුඅරච්චිගෙන් බීබීසීය විමසීමක් කරන ලදී.