ආර්ථිකය ; ''ඉන්ධන සහ ගෑස් ඉදිරි සති තුනේ දුෂ්කරයි. පරිස්සමින් පාවිච්චි කරන්න.''

වීඩියෝ ශීර්ෂ වැකිය, ආර්ථිකය ; ''ඉන්ධන සහ ගෑස් ඉදිරි සති තුනේ දුෂ්කරයි. පරිස්සමින් පාවිච්චි කරන්න.''
Published

ඉන්ධන සහ ගෑස් බෙදාහැරීම ඉදිරි සති තුනේ දුෂ්කර බැවින් අත්‍යාවශ්‍ය අවස්ථාවකදී පමණක් ඒවා අරපිරිමස්මෙන් භාවිත කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (ජුනි 07) ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

ඉදිරි මාස හය තුළ රටේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා ඩොලර් බිලියන 06ක් සොයා ගැනීමේ අභියෝගයකට රජය මුහුණදී ඇති අතර ඒ සඳහා ජාත්‍යන්තරයේ සහය ලබා ගන්නා ආකාරය ගැන ද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලදී.

හෙක්ටයාර දෙකට අඩු ගොවීන්ගේ 'ගොවි ණය' කපා හැරීම, අඩු අදායම්ලාභීන්ට සහන සැලසීම, ජනතාවට ඉඩම් අයිතිය සහ නිවාස ලබා දීම සම්බන්ධයෙන් රජයේ වැඩපිළිවළ ගැන ද ඔහු එහිදී විස්තර කරන ලදී.