ගෑස් සිලින්ඩර් කළු කඩ ජාවාරමට එරෙහි විරෝධතාවකට ප්‍රහාරයක්
Published
ගෑස් සිලින්ඩර "අත යටින්" විකිණීමට එරෙහිව තමා ඇතුළු පිරිසක් දෙමටගොඩදී විරෝධතාවක නිරත වූ බව කොළඹ පදිංචිකරුවෙකු වන මොහොමඩ් ෆුස්ලි පවසයි.
"මම ඒක ලයිව් (සජීවී) දුන්නා. ඒ පළාතේ දේශපාලනඥයෙකුගේ සහචරයෝ ඇවිත් ඒ විරෝධතාව කඩාකප්පල් කරන්න හැදුවා. එතන හිටපු ගොඩක් අය ගැහැණු සහ වැඩිහිටියන්. ඒ අය පැනලා දිව්වා."
"මටත් එතන සිටි තවත් තරුණයෙකුටත් ඔවුන් පහර දුන්නා. මට රෝහල් ගත වෙන්න සිද්ධ වුනා."