ජනතා විරෝධය ; තාවකාලික ජනපති ධූරය සඳහා නමක් යෝජනා කෙරේ

Published

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ධූරයෙන් ඉවත් වන්නැයි රටපුරා උද්ඝෝෂණ සිදු කෙරෙන පසුබිමක තාවකාලික ජනාධිපතිවරයෙකු සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අප්‍රේල් 06 වැනිදා පාර්ලිමේන්තුවට නමක් යෝජනා කළේය.

ඔහු එසේ යෝජනා කළේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු මෙන්ම ආර්ථික විශේෂඥයෙකු ගේ නමකි.

එමෙන්ම මන්ත්‍රී වැටුප වසරකට ලබා නොගැනීමේ තීරණයක් ගැන ද හරීන් ප්‍රනාන්දු එහිදී පැවසුවේය.