ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාර්ලිමේන්තුව අසලදී විරෝධතාකරුවන් ළඟට 'අංක තහඩු නැති' යතුරු පැදිවලින් ගියේ කවුද ?
Published
අප්‍රේල් 05 වැනිදා පාර්ලිමේන්තුව අසල විරෝධතාවයක් පැවති අවස්ථාවේදී පැමිණි හමුදා යතුරු ගැන සමාජයේ දැඩි කතාබහක් ඇතිවී තිබෙන අතර ඒ ගැන අද පාර්ලිමේන්තුවේ ද අවධානයට යොමු වුණා.
එම යතුරුපැදි වල පැමිණි හමුදා සාමාජිකයන්ට ජනතාව මෙන්ම පොලිසිය ද විරෝධය පළ කරන ලදී.
"පොලිස් නිලධාරීන්ගේ සදාචාර විරෝධී සහ නොහොබිනා හැසිරීම් ගැන පරීක්ෂණයක් කර විනය පියවර ගන්නැයි" හමුදාපතිවරයා විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.