ලොව මිලියන ගණනකගේ හදවත් ස්පර්ශ කළ යුක්‍රේන දැරියගේ 'සාම ගීය'
Published
නව වියැති යුක්‍රේන දැරියක් ගායනා කරන 'I draw my life' නමැති ගීතය 'සාම ඉල්ලීමක්' ලෙස සමාජ ජාල තුළ ප්‍රචලිත වී තිබේ.
යුක්‍රේනයේ උපත ලද අමෙලියා පොපොවිච් මේ වන විට ඉතාලියේ වාසය කරයි.
යුක්‍රේන හමුදා සමග එක්ව රුසියාවට එරෙහිව සටන් කරන සිය මුත්තනුවන් පිළිබඳ තමා කණගාටුවෙන් පසුවන බව ළමා යුටියුබ් තාරකාව බීබීසිය වෙත පැවසීය.

