ජාතික වස්තුවක් ලෙස නම් කෙරෙන නැදුන්ගමුවේ රාජාට අවසන් ගෞරව දක්වන්න ජන ගඟක්

වීඩියෝ ශීර්ෂ වැකිය, නැදුන්ගමුවේ රාජාට අවසන් ගෞරව දක්වන්න ජන ගඟක්
Published

2006 වසරේ සිට මහනුවර ඇසළ පෙරහැරේ දළදා කරඬුව වැඩම කළ නැදුන්ගමුවේ රාජාගේ අවසන් කටයුතු බෞද්ධ චාරිත්‍රවලට අනුව අද (මාර්තු 07 වැනිදා) ගම්පහ, වැලිවේරියේදී සිදු කෙරුණි.

මෙම හස්ති රාජයාට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් පැමිණියහ.

නැදුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණය කිරීමටත්, ජාතික වස්තුවක් ලෙස නම් කිරීමටත් පියවර ගන්නැයි ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.