ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක නිවුන් මහා සම්මේලනයේදී නව ලෝක වාර්තා පිහිටුවීමේ සුදානමක්

වීඩියෝ ශීර්ෂ වැකිය, ලොව පළමු නිවුන් ක්‍රිකට් ශ්‍රී ලංකාවෙන් ද ?
Published

2022 අගෝස්තු 23 වැනිදා ශ්‍රී ලංකාවේ දී ආරම්භ වීමට නියමිත ලෝක නිවුන් මහා සම්මේලනයේදී නව ලෝක වාර්තා පිහිටුවීමට හැකියාවක් ඇති බව ශ්‍රී ලංකා නිවුන් සංවිධානය පවසයි.

ලෝකයේ පළමු නිවුන් ක්‍රිකට් කණ්ඩායම සහ බැඩ්මින්ටන් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ආරම්හ කළ අතර අගෝස්තු මාසයේදී පළමු නිවුන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පවත්වන බව ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ නිර්මාතෘ උපුලි ගමගේ බිබීසීයට පැවසුවාය.

ඊට සමගාමීව ලෝකයේ පළමු නිවුන් රූප රාජිණියන්ගේ තරඟාවලිය, ලොව පළමු නිවුන් සංස්කෘතික උළෙල සහ ජාත්‍යන්තර නිවුන් බැඩ්මින්ටන් තරඟාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි උපුලි ගමගේ වැඩිදුරටත් කියා සිටියාය.