ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ කෝවිඩ්: තවත් දින හතකින් ලොක්ඩවුන් නීති දීර්ඝ කරන බව කෙහෙළිය පවසයි
දැනට පවතින ලොක්ඩවුන් නීති සැප්තැම්බර් 13 දක්වා දීර්ඝ කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
ඒ අතර කාලයේ කෝවිඩ් වසංගතයේ දැනට පවතින සීග්‍ර වැඩිවීම මැඩපැවැත්වීම සඳහා එන්නත්කරණ වැඩසටහන දිගටම ක්‍රියාත්මක කිරීම උපකාරී වනු ඇති බව ඇමතිවරයා කියා සිටියි.
"නිසි නියාමනයන්ට අනුගත වෙමින්, එන්නත් ලබා ගෙන, මුව ආවරණ භාවිත කරන ලෙස සහ නිවසට වී සිටින ලෙස" ඔහු නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වේ.
අගෝස්තු 20 වෙනිදා රාත්‍රී 10 සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරුණු නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 06 වෙනිදා (සඳුදා) අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට රජය මීට ඉහතදී කටයුතු කළේය.
එම තීරණය ගනු ලැබුවේ රටේ පවත්නා වසංගත තත්ත්වය පාලනය කිරීමට සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කළ යුතු බවට සෞඛ්‍ය වෘත්තීය සමිති සහ සෞඛ්‍ය විශේෂඥයන් දිගින් දිගටම රජයට පෙන්වා දුන් තත්ත්වයකදීය.
කෝවිඩ් 19 රෝගය පාලනය කිරීම සඳහා රට වසා තැබීමට රජය ක්‍රියා නොකරන්නේ නම් වෘත්තීය සමිති ඒ සඳහා මැදිහත් වී දින 14කට රට ලොක්ඩවුන් කරන බවට රජයට දැඩි බලපෑමක් එල්ලකර තිබු අවස්ථාවක මහා නා හිමිවරුන්ගෙන් ද රජයට ඉල්ලීම් ඉදිරිපත් විය.
ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ දහයකින් ද ඉල්ලම් ඉදිරිපත් වූ අතර එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ අතර ප්‍රසිද්ධියේ විවේචන එල්ල කර ගන්නා සිදුවීමක් බවට ද පත්විණි.