කොවිඩ් 19: ශ්‍රී ලංකාවේ සතියක් තුළ රෝගීන් සියයට 34කින් සහ සහ මරණ සියයට 60කින් ඉහළට

වීඩියෝ ශීර්ෂ වැකිය, කොවිඩ්-19: ශ්‍රී ලංකාවේ සතියක් තුළ රෝගීන් 34%කින් සහ මරණ 60%කින් ඉහළට
Published

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ්-19 රෝගීන්ගෙන් 50% පමණ ඔක්සිජන් මත යැපෙන බව ශ්‍රී ලංකා කායික වෛද්‍ය විශේෂඥ විද්‍යායතනයේ සභාපති, විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිශ්චන්ද්‍ර පවසයි.

පසුගිය සතියේදී කොවිඩ්-19 රෝගීන් වාර්තා වීම ඊට පෙර සතියට සාපේක්ෂව 34% කින් වැඩිවී ඇති අතර මරණ සංඛ්‍යාව 60%කින් වැඩි වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවෙන් නව වෛරස ප්‍රභේදයක්' මතු වීමේ අවදානමක් ගැන ද වෛද්‍යවරු අනතුරු ඇඟවති.

"දේශපාලන තීරණ ගන්න අය කාලෙන් කාලෙට එක එක විදියෙ දේවල් කරන්න පුළුවන්. නමුත් අපි හැම කෙනාටම අපිව වැදගත්. අපි හැම කෙනාම තමන්ගේ ආරක්ෂාව බලා ගැනීම වැදගත්," යනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලක්කුමර් ප්‍රනාන්දු අගෝස්තු 16 වැනිදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

මේ ගැනත් කියවන්න: