'කොවිඩ් හදා ගන්න නම් එපා. අපිත් දැන් හොඳටම මහන්සි වෙලා ඉන්නේ' - හෙදියකගෙන් ඉල්ලීමක්

වීඩියෝ ශීර්ෂ වැකිය, 'මේ රෝගය හදා ගන්න නම් එපා. අපිත් දැන් හොඳටම මහන්සි වෙලා ඉන්නේ' - හෙදියකගෙන් ඉල්ලීමක්
Published

කෝවිඩ්-19 රෝගයේ භයානකකම දැන දැනත් ඉන් ආරක්ෂා වීමට පුරවැසියන් නිසි පරිදි ක්‍රියා නොකිරීම ගැටලුවක් බව බණ්ඩාරගම, හල්තොට ප්‍රාදේශීය රෝහලේ ආයතන භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඩේමියන් ද සිල්වා පවසයි.

කොවිඩ්-19 රෝගීන් පනස් දෙනෙක් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.

"මේ රෝගය හදා ගන්න නම් එපා. අපිත් දැන් හොඳටම මහන්සි වෙලා ඉන්නේ," යනුවෙන් එහි සේවය කරන හෙදියක පැවසුවාය.

දර්ශන අනුග්‍රහය: අද දෙරණ