කවුද මේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය කැළඹු මහාරාජා සමූහයේ අධිපති 'කිලී' රාජමහේන්ද්‍රන් ?

ආර් රාජාමහෙන්ද්‍රන්

ඡායාරූප මූලාශ්‍රය, capital maharaja

Published
කියවීමේ කාලය: මිනිත්තු 3

කැපිටල් මහාරාජා සමූහයේ සභාපති 'කිලී' රාජමහේන්ද්‍රන් හෙවත් රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී ඉරිදා අභාවප්‍රාප්ත විය.

අභාවයෙන් පසුව ශෝක පණිවුඩ නිකුත් කරමින් පක්ෂ විපක්ෂ දේශපාලන නායකයන් ඔහු හඳුන්වනු ලැබුවේ, රටේ නමගිය ව්‍යාපාරිකයකු පමණක් නොව සමාජ ක්‍රියාකාරිකයකු ලෙස විශාල නිහඬ සේවයක් ඉටුකළ කීර්තිමත් පුද්ගලයකු ලෙසිනි.

ඔහු යටතේ පැවති මාධ්‍ය ආයතන, පවතින රජයන් හි දූෂණ අක්‍රමිකතා නොබියව හෙළි කිරීම හේතුවෙන් ඇතැමුන් ඔහුගේ මාධ්‍ය භාවිතය දැඩි විවෙව්නයට ලක් කළ අතර, ඇතැම් අවස්ථාවල එම මාධ්‍ය ආයතන විවිධ ප්‍රහාරයන්ටද ගොදුරුවිය.

කෙසේවෙතත් ආර් රාජමහේන්ද්‍රන්ගේ අභාවය වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් නිකුත් කළ අගමැති මහින්ද රාජපක්ෂ පවසන්නේ, "ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි ආර්. රාජමහේන්ද්‍රන් මහතා මෙරට රූපවාහිනිය සහ ගුවන් විදුලිය නව්‍යකරණයට ලක්කළ පෙර ගමන්කරුවෙක්," බවය.

"දක්ෂ ව්‍යවසායකයෙකු ලෙස මෙරට ආර්ථිකයට ශක්තියක් වන ව්‍යාපාර ජාලයක් පවත්වාගෙන යාමට කටයුතු කළ ආර්. රාජමහේන්ද්‍රන් මහතා ඒ ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට අස්වැසිල්ලක් වූ යේය," යනුවෙන් ද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබිණ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත්කරමින් පැවසුවේ ආර් රාජමහෙන්ද්‍රන් අපක්ෂපාතීවත් සත්‍යවාදී වත්, එල්ල වෙන සියලු අභියෝග හමුවේ නිර්භීතවත් කටයුතු කිරීමේ නිදහස තම මාධ්‍ය ආයතන වලට ලබාදුන් කෘතහස්ත නියමුවෙක් බවයි.

"තමන් විශ්වාස කරන දර්ශනය සහ ප්‍රතිපත්තිය ඉදිරියේ නොසැලී ගමන් කරමින්, එහිදී තමන්ට එල්ලවෙන අනේකවිධ අභියෝග සියල්ල ඉන්ද්‍රකීලයක් සේ භාරගනිමින් සහ ඒවාට මුහුණ දෙමින් එතුමන් සිය කණ්ඩායම සමඟ පැමිණි ගමන එක් අතකින් අද්විතීයය, විස්මයජනකය. සත්‍ය වෙනුවෙන් අභීතව පෙනී සිටීම හේතු කොටගෙන එතුමාට සහ එතුමන්ගේ මාධ්‍ය ආයතනවලට එල්ල වූ අභියෝග සුළුපටු ඒවා නොවූ අතර ඒ කිසිවකින් එතුමන් හෝ එතුමන්ගේ ආයතන නිහඬ කිරීමටවත්, ආපසු හැරවීමටවත් කිසිම බලවේගයකට නොහැකි විය. සැබෑ නායකයෙකුගේ ස්වරූපය මොනවට පෙන්නුම් කරමින් එතුමා සෑම විටකම තම කණ්ඩායම ආරක්ෂා කර ගැනීමට ඇපකැප විය," යනුවෙන් විපක්‍ෂනායකවරයාගේ නිවේදනයේ දැක්වේ.

මේ අතර MTV/MBC මාධ්‍ය ජාලය ඔස්සේ ඔහු ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් නව සංස්කෘතිය ඇතැමුන්ගේ විවේචනයට ලක්ව තිබිණ.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කථිකාචාර්ය මහේෂ් හපුගොඩ පවසන්නේ, එම මාධ්‍ය ජාලයේ සිරස නාලිකාව හඳුන්වා දුන් 'අලුත් දෙය' ශ්‍රී ලංකාවේ සමාජයේ ප්‍රගමනයට හේතුවීද යන්න තමාට ප්‍රශ්නයක් බවය.

"සිරස කලේ මිනිස්සුන්ගේ ආශාවේ පැටලිලා සෑහෙන පමණ සල්ලි හම්බු කරපු එක. ජනප්‍රිය වුන එක. නමුත් නූතන බව කියන්නේ ඒකට නෙවෙයි," යනුවෙන් පවසන මහේෂ් හපුගොඩ, "මිනිස්සුන්ගේ ආශාවෙන් ඔබ්බට සිරස පරිකල්පනය කළේ නැහැ. ඒක අදටත් එහෙමයි. අනික් අයටත් මේක අදාලයි," යනුවෙන් ද සටහන් කොට තිබිණ.

ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය

1982 දී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් වරම් දිනා දීම සඳහා ආර් රාජමහේන්ද්‍රන් සුවිසල් කාර්යභාරයක් ඉටු කළ බව ක්‍රීඩකයෝ සහ ක්‍රිකට් විචාරකයෝ පවසති. එවක ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ (වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ) උප සභාපතිවරයාය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ රාජමහේන්ද්‍රන් ගේ අභාවය රටට විශාල පාඩුවක් බවය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

මේ අතර විවිධ ක්‍රිකට් ක්‍රීඩකයන් ද සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට ප්‍රණාමය පුදකර තිබුණි.

පහත දැක්වෙන්නේ ක්‍රීඩා මාධ්‍යවේදී රෙක්ස් ක්ලේමන්ටයින් තම ට්විටර් ගිණුමේ තැබූ සටහනකි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ගේ සටහන.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

කුමාර් සංගක්කාර තැබූ සටහන.

Skip X post, 4
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 4

බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන්ට මෙන්ම රොෂාන් මහානාම ද පවසන්නේ, ඔහුගේ පළමු රැකියාව ලබාදී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට විශාල සහයෝගයක් රාජමහේන්ද්‍රන් ලබාදුන් බවයි.

Skip X post, 5
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 5

ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලාන දිනා දුන් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග ද මෙසේ ඔහුට සිය ප්‍රණාමය පුදකර තිබිණ.

Skip X post, 6
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 6

ව්‍යාපාර ලෝකයේ ක්‍රියාකාරීත්වය

1943 වසරේ මැයි 19 වනදා උපත ලැබූ රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් හින්දු බැතිමතෙකි. කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලත් ඔහු වයස අවුරුදු 16 දී තම වැඩිමහල් සහෝදරයා සමග එක්ව, සිය පියා ආරම්භ කළ ව්‍යාපාරවලට සම්බන්ධ විය.

වයස අවුරුදු 21 දී ආර් රාජමහේන්ද්‍රන් සිය සහෝදරයා සමග එක්ව ව්‍යාපාරයේ පාලනය සියතට ගත්තේ පියාගේ අභාවයෙත් පසුවය.

එතැන් සිට මේ දක්වා ඔහු ලෝක ගෞරවයට පාත්‍රවූ, ක්ෂේත්‍ර ගණනාවක විප්ලවීය වෙනස්කම් කළ පරිපූර්ණ, දැවැන්ත ව්‍යාපාර සමූහයක් වන කැපිටල් මහාරාජා සමූහ ව්‍යාපාරය ගොඩ නැගීමට සමත්වූ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලද ප්‍රථම ආයෝජන ව්‍යාපෘතියේ නිර්මාතෘවරයා වූයේද ඔහුය.

එවැනි දැවැන්ත ආයෝජන ගණනාවක් ශ්‍රී ලංකාවට ගෙන්වා රටේ ආර්ථිකයට විශාල පිටිවහලක් ලබාදීමට ඔහු දායක විය.සංගීතය, චිත්‍ර කලාව, නර්තනය, සිනමාව වැනි ක්ෂේත්‍ර පිළිබඳව ගැඹුරු අවබෝධයක් තිබූ රාජමහේන්ද්‍රන් සිය ආයතන හරහා සංගීතය මෙන්ම චිත්‍රපට ප්‍රවර්ධනයට ද ප්‍රබල දායකත්වයක් දුන් පුද්ගලයෙකි.