ලන්ඩන් හැඩ කළ පොසොන් තොරණ
Published
එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහයෙන් ලන්ඩන් කිංග්ස්බරිහි ශ්‍රී සද්ධාතිස්ස විහාරස්ථානය ඉදිරිපිට උස අඩි 26ට වැඩි, විදුලි බල්බ 12,000කින් යුත් පොසොන් තොරණක් සතියක් පුරා ප්‍රදර්ශණය කෙරිණි.
මෙම තොරණ ලන්ඩන් නුවර පොදු ස්ථානයක ප්‍රදර්ශණය කිරීම සඳහා නිසි අවසර ලබා ගත් පසු සති දෙකක කාලයක් තුළ "දිවා රෑ දැඩි වෙහෙසක් දරා" තරුණ පිරිස එක්ව මෙය නිම කළ බව ශ්‍රී සද්ධාතිස්ස විහාරස්ථානයේ පූජ්‍ය ගලයායේ ධම්මදස්සී හිමියෝ බීබීසී සිංහල සේවයට පැවසූහ.
තොරණේ ප්‍රදර්ශණය කර තිබුණේ පටාචාරා කථා පුවතයි.