ගිනි ගන්නා නැව දියඹට ඇදගෙන යෑමේ යෝජනාවක්

වීඩියෝ ශීර්ෂ වැකිය, කොළඹ වරාය ආසන්නයේ ගිනි ගන්නා නැව දියඹට ඇදගෙන යෑමේ යෝජනාවක්
Published

කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් පවතින "X-PRESS PEARL" නෞකාව නාවික සැතපුම් 50ක් පමණ දියඹට ඇදගෙන යෑම වඩාත් යෝග්‍ය බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යෝජනා කර තිබෙනවා.

ගිනි ගැනීම් සහ පිපිරීම් නිසා නැවේ තිබූ බහාලුම් 10ක් පමණ මුහුදට වැටී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී, අචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

නෞකාවේ කාර්ය මණ්ඩලය ඉවත් කර ඇති අතර තුවාල ලැබූ දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් තිබේ.

වරාය අධිකාරිය, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන මේ පිළිබඳව ක්‍රියා කරමින් සිටී.