'පොර්ට් සිටි': වරාය නගර පනත් කෙටුම්පතට විපක්ෂය ගෙනෙන යෝජනා සහ අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රතිචාරය

වීඩියෝ ශීර්ෂ වැකිය, ''පෝට් සිටි'' පනත් කෙටුම්පතට විපක්ෂයෙන් ගෙනෙන සංශෝධන සහ ආණ්ඩුවේ ප්‍රතිචාරය
Published

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කරුණු අටක් යටතේ සංශෝධන ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය පියවර ගන්න බව ආචාර්ය හර්ෂ ද සිල්වා බදාදා (මැයි 19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විපක්ෂය වෙනුවෙන් ඊට අදාළ විවාදය ආරම්භ කරමින් කරුණු දැක්වූ ඔහු පැවසුවේ අදාළ පනත් කෙටුම්පත තුළින් විදේශිකයන්ට වැඩි බලයක් ලබාදීම හෝ පාර්ලිමේන්තුවට ඇති බලය අහිමි කිරීම සිදු නොවිය යුතු බවය.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කර ඇති යෝජනා දෙවනවර කියවීමේදී එකතු කිරීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සහ අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව හමුවේ පළ කළ අදහස් ඉහත වීඩියෝවෙන් නරඹන්න

මේ ගැනත් කියවන්න: