කොරෝනා වෛරසය: ආසාදිත මෘතදේහ නැගෙනහිර පළාතේ භූමදානය කිරීම ඇරඹෙයි

කොවිඩ් -19 වින්දිතයින් ගේ මෘත ශරීර භූමදානය කිරීම සඳහා නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔඩ්ඩමවාඩි හි පිහිටි නව සුසාන භූමියක් රජය විසින් හඳුනාගෙන ඇති බව ප්‍රාදේශීය ලේකම් වෙල්ලතම්බි තවරාසා බීබීසී සමග පැවසීය. මාස ගණනක් ශීතකරණවල බහා තිබූ මෘතදේහ අද සිට භූමදානය අරඹන බව නිලධාරීහු පැවසූහ.
කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ මෙසේ ඔඩ්ඩමවාඩි හි දී භූමදානය කිරීමට පියවර ගැනෙන්නේ, මන්නාරමට එපිටින් පිහිටි ඉරණතිව් දූපත කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය සඳහා තෝරාගන් බව අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කිරීමත් සමග ඇති වූ විරෝධතාවෙන් පසුවය.
"ඔඩ්ඩමාවාඩි හි අක්කර 10 ක සුසාන භූමියක අක්කර 2 ක් COVID-19 සුසාන භූමියක් ලෙස රජය විසින් වෙන් කරනු ලබා තිබේ" යැයි ප්‍රාදේශීය ලේකම් වෙල්ලතම්බි තවරාසා බීබීසී සිංහල සේවයට පැවසීය.
මළ සිරුරු 11 ක් අද (මාර්තු 5) භූමදාන කිරීම සඳහා මේ වන විට භූමියේ කටයුතු සූදානම් කරමින් සිටින බව වෙල්ලතම්බි තාවරාසා පැවසීය.
මේ අතර මාධ්‍ය අමතමින් යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ අදාළ ස්ථානයේ මළසිරුරු 2 ක් භූමදානය කරමින් එම කටයුතු ආරම්භ කළ බවකි.
එම ස්ථානය මෘතදේහ භූමදානය කිරීම සඳහා පිළිසකර කරන අයුරු සමාජ මධ්‍ය ඔස්සේ සටහන් වූයේ මේ අයුරිනි.

ඡායාරූප මූලාශ්‍රය, Twitter

කියවන්න:

මේ අතර හිටපු මන්ත්‍රී අලි සහීර් මවුලානා, "කොවිඩ්-19න් මියගිය අයව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔඩ්ඩමාවාඩි සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඉරිකාමම් හි භූමදානය කිරීමට තීරණය විය. සෞඛ්‍ය අමාත්‍යංශය, භූ විද්‍යා ආයතනය, ප්‍රාදේශීය පාර්ශවකරුවන්, ප්‍රජා නියෝජිතයින් සහ පළාත් පාලන ආයතනවල උපදෙස් ඇතිව මෙය සම්බන්ධීකරණය කරන ලදී." යැයි සඳහන් කරමින් ට්විටර් සටහනක් තැබීය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
මඩකලපුව සහ අම්පාර සෞඛ්‍ය සේවා කලාපීය අධ්‍යක්ෂවරුන් මෙම ස්ථාන දෙක පිළිබඳ නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කර තිබෙන බව ඔහු වැඩිදුරත් පැවසීය.
"සාමූහිකව, පසුගිය දින කිහිපය තුළ, සියලු පාර්ශවකරුවන් අප සමඟ එක්ව කටයුතු කළ අතර, භූමදානය සඳහා තෝරාගත් ස්ථාන භාර දීමට ඔවුන් කැමැත්ත ප්‍රකාශ කළහ. සුසාන භූමි දෙකම වියළි, ජනාවාස නොවූ ප්‍රදේශවල පිහිටා ඇති අතර භූගත ජලය දූෂණය වීමේ අවදානමක් ද නොමැත," යනුවෙන් අලි සහීර් මවුලානා පැවසීය.ඔහු වැඩිදුරටත් කියා සිටියේ, "අපගේ ප්‍රජාවට ඉතාමත් සංවේදී මෙම කාරණය අවසානයකට ගෙන ඒම සඳහා පසුගිය දින කිහිපය තුළ අප සමඟ වෙහෙස මහන්සි වී වැඩ කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී කාර්යාලයන් හි කාර්ය මණ්ඩලය, රේඛීය නියෝජිත ආයතන සහ නිලධාරීන්, පළාත් පාලන ආයතන සහ ප්‍රජා පාර්ශවකරුවන්ට මාගේ අවංක කෘතඥතාව පළ කරමි. අල්හම්දුලිල්ලා!," යනුවෙනි.
එහෙත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනි රෙහනා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ "කෙසේ වෙතත් භූගත ජලය දූෂණය වීමේ අවදානමක් නොතිබුණි. කරුණාකර මෙම නපුරු රජයට සහ එය ක්‍රියාත්මක කරන්නන්ට හට නීත්‍යානුකූලභාවය ලබා දීම නවත්වන්න." යනුවෙනි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
භූමදානය කිරීම තුළින් භූගත ජලය දූෂණය වන බව පවසමින් රජය විසින් කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය අනිවාර්ය කිරීමට බල කෙරුනි. ඒ හේතුවෙන් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් මෙන්ම ජාතන්තර ප්‍රජාවගෙන් දැඩි විවේචන එල්ලවීම හමුවේ ආණ්ඩුව එම තීරණය වෙනස් කිරීමට තීරණය කළේය.
ඒ අනුව පසුගිය සතියේ, මන්නාරම් බොක්කේ, කිළිනොච්චි දිස්ත්‍රික්කයට අයත් ඉරණතිව් දූපත භූමදානය සඳහා නම් කෙරිණි.වර්ග කිලෝමීටර 6 ක කුඩා දූපත් වන ඉරණතිව් හි ධීවරයින් 400 ක් පමණ සිටින අතර ඔවුන් ප්‍රධාන වශයෙන් එදිනෙදා කටයුතු සඳහා භූගත ජලය මත යැපේ.

කියවන්න:






























