ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුස්ලිම් සිරුරු ආදාහනය: අගමැතිවරයාගේ ප්‍රකාශය පරිදි භුමදානයට අවසර ලැබෙයිද?

කොරෝනා ආසාදිත මෘත දේහයක්
Published
කියවීමේ කාලය: මිනිත්තු 4

ශ්‍රී ලංකාවේ කොරෝනාවෛරසය ආසාදිතව මියයන මුස්ලිම් පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර නොදීම පිළිබඳව නැවතත් කතා බහ මතුවුයේ අගමැති මහින්ද රාජපක්ෂ විසින් බදාදා (පෙබ. 10) පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයත් සමගිනි.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය ජාත්‍යන්තර ප්‍රජාවේ ද පැසසුමට ලක්වීමට පටන් ගැනුණද අදාළ කරුණ සම්බන්ධයෙන් අගමැතිවරයා නිල නිවේදනයක් නොකළ බවට මත පළවෙමින් පවතී.

අග්‍රාමාත්‍යවරයා එම ප්‍රකාශය කළේ සමහි ජන බලවේගයේ මන්ත්‍රී එස් එම් මරික්කාර් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඇසූ පැනයකට පිළිතුරු ලෙසය.

මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ 2009 වර්ෂයේ දී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ 2009 වර්ෂයේ දී

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය ඇමතීමට බීබීසී සිංහල සේවය උත්සාහ දැරුවද එහි නිලධාරීන් දුරකතයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් එම උත්සය ව්‍යර්ථ විය. එහෙත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරියකු උපුටා දක්වමින් දේශීය මාධ්‍ය සඳහන් කරන්නේ අග්‍රාමාත්‍යවරයා "භූමදානයට ඉඩ දෙනවා කිවා විනා කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහය භුමදානයට ඉඩදෙන බවක් ප්‍රකාශ නොකළ" බවකි.

එහෙත් පාර්ලිමේන්තුවේ නිල ප්‍රකාශය වන හැන්සාර්ඩ් වාර්තාව තුළ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය ඇතුළත්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.

කෙසේවෙතත්, දේශපාලන අරංචිමාර්ග පවසන්නේ කොරෝනාවෛරසය ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භුමදානය ට මේ මස අගවන විට දී රජය අවසර දීමේ සූදානමක සිටින බවකි.

ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රතිචාර

මේ මස අගදී ශ්‍රී ලංකාවේ දෙදින සංචාරයකට සූදානම් වන පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, කොවිඩ් 19 වැළඳී මිය යන මුස්ලිම් ජාතිකයින් ගේ මෘත දේහ භූමදානය කිරීම සඳහා අවසර ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයට සිය ප්‍රසාදය පළ කරමින් තම ටිවිටර් ගිණුමෙහි සටහනක් තැබීය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

"COVID19 රෝගයෙන් මියගිය පුද්ගලයින් භූමදාන කිරීම සඳහා මුස්ලිම්වරුන්ට අවසර දෙන බවට ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී දුන් සහතිකය අපි සාදරයෙන් පිළිගනිමු," යනුවෙන් ඔහු සටහනක් තබමින් පැවසීය.

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් සාද් ඛට්ටක් පවසන්නේ ජනපති ගෝඨාභය රාජපක්ෂගේ "රජය විසින් කොවිඩ්-19 ආසාදිතව මියයන මුස්ලිම් වින්දිතයින් භූමදානය කිරීමට අවසර දීමට ගත් තීරණය මුස්ලිම් ලෝකය පුරා පුළුල් ලෙස පිළිගනු ලැබේ. මෙම තීරණය අනිවාර්යයෙන්ම මුස්ලිම් ප්‍රජාවගේ කනස්සල්ලට හේතුවී තිබූ කරුණකට පිළියමක් වන අතර එය දිවයිනේ ජනවාර්ගික සමගිය වර්ධනයට තුඩු දෙනු ඇත."

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

මේ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලෙට්ස් ට්විටර් සටහනක් තබමින් කියා සිටින්නේ, අග්‍රාමාත්‍යවරයාගේ තීරණය අගය කරන අතර ශ්‍රී ලංකාව අන්තර්ජාතික සෞඛ්‍ය පිළිවෙතට අනුගතවීම හා ආගමික අයිතීන්ට ගරු කිරීම ධනාත්මක පියවරක් ලෙස සලකන බවය.

"කොවිඩ් වින්දිතයින්ගේ අනිවාර්ය ආදාහනය කිරීමට පනවා තිබුණු නිතිය අවසන් කිරීම සඳහා අගමැතිවරයා නිවේදනය කළ බවට මාධ්‍ය වාර්තා කරන අතර එම තීරණය අගයනවා. අන්තර්ජාතික මහජන සෞඛ්‍ය සම්මතයන්ට අනුකූලව හා ආගමික වත්පිළිවෙත් වලට ගරු කරන සංශෝධිත පිළිවෙතක් ක්‍රියාත්මක කිරීම ධනාත්මක ක්‍රියාවක්" යනුවෙන් තානාපතිනිය සඳහන් කළාය.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ මහකොමසාරිස් සේරා හල්ටන් ද අගමැතිවරය්ගේ ප්‍රකාශය ඇගයීමට ලක් කළාය.

Skip X post, 4
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 4

"කොවිඩ්-19 වින්දිතයන් භූමදානය කිරීම පිළිබඳව අගමැති රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී කළ නිවේදනය සාදරයෙන් පිළිගනිමු. අගතියට පත්වූවන්ට ඔවුන්ගේ ආගමික පිළිවෙත් හා ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ඉඩ සලසමින් මෙය ඉතා ඉක්මනින් ප්‍රතිපත්තියක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු," යනුවෙන් සේරා හල්ටන් සිය ට්විටර් පණිවිඩයෙන් කියා සිටියාය.

තත්ත්වය මෙසේ තිබියදී බ්‍රහස්පතින්දා (පෙබ. 11) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ පැවසුවේ "සෞඛ්‍ය අමාත්‍යාංශය තීන්දු තීරණ ගන්නේ අපි පුද්ගලිකව නෙමෙයි තාක්ෂණික කමිටුවක් හරහා. ඒ නිසා ඒ තාක්ෂණික කමිටුවට මේ යෝජනාව ඉදිරිපත් කරලා ඒ තාක්ෂණික කමිටුවේ එකඟතාවය මත තමයි අපිට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ."

වීඩියෝ ශීර්ෂ වැකිය, කොරෝනා මරණ ; 'භූමදානය' ගැන අගමැතිගේ තීන්දුව ගැසට් නොකරන්නේ ඇයි?

එහිදී රවුෆ් හකීම් හිටපු අමාත්‍යවරයා පැවසුවේ මෙය බොහොම පරිනත දේශපාලකයකු විසින් ගනු ලැබූ පරිනත තීරණයක් වන අතර එය රටේ සහජීවනයට බලපාන බවය. එහෙත් නැවතත් මේ සඳහා විශේෂඥ කමිටුව හමුවට යාම කිසිසේත් නොවන බව ද මන්ත්‍රීවරයා කීය.

"අගමැතිවරයා මෙම උත්තරීතර සභාවට සහතික වුණා භූමදානයට ඉඩදෙනවා කියලා. කවුරුද අගමැතිවරයාට ඉහළින් ඉන්නේ මේ රජයේ. මෙය වලක්වා ජාතින් අතර අනවශ්‍ය අපහසුතාවයක් නිර්මාණය කරන සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ කියන විශේෂඥයන් කවුරුද? මම රජයෙන් ඉල්ලනවා මෙම ප්‍රශ්නය තවත් කල් නොමැරිය යුතු බවට මෙය දැනටමත් ජිනීවා දක්වා ගෙනගොස් තිබෙන්නේ," යනුවෙන් ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්නකරමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විමසන්නේ ජිනීවා හිදී නැගෙන විරෝධතාව ලිහිල් කිරීමේ අදහසින් රජය දැන් මෙම තීරණය එළැඹ තිබේද යන්නයි.

අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය පිළිගැනීමට මුස්ලිම් ජනයා සුදානම් නැති බව ඇතැමුන් ප්‍රකාශ පෙන්වාදෙන්නේ මෙය අගමැතිවරයා කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය කිරීමට ඉඩදීම සම්බන්ධයෙන් කරන ලද තුන්වෙනි ප්‍රකාශය හේතුවෙනි.

Skip X post, 5
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 5

Skip X post, 6

End of X post, 6

මේ අතර එස් එම් මරික්කාර් මන්ත්‍රීවරයා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අද (පෙබ. 11) පැවසුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය මේ වන විට ජිනීවා මානව හිමිකම් කොමිසමේ මතුවී ඇති ගැටලු නිරාකරණ ගැනීම සඳහා මැදපෙරදිග රටවල ඡන්ද ලබාගැනීමට කළ "ගුණ්ඩුවක්" ලෙස හෝ පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ගේ සංචාරය අවසන් වනතෙක් "කළ මුලාවක්" නොවිය බවය.

මේ තොරතුරු ද දැනගන්න: