පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු අයට නීතිය ක්‍රියාත්මක කරන හැටි ගෝඨාභය කියයි

වීඩියෝ ශීර්ෂ වැකිය, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට සහ වගකිව යුතු අයට නීතිය ක්‍රියාත්මක කරන හැටි ගෝඨාභය කියයි
Published

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම පාර්ශවයකටම එරෙහිව පියවර ගන්නා බවත්, සැළසුම් කළ හා ඊට අනුබල දුන් වගකිව යුත්තන්ට නීතියට මුහුණ නොදී ගැලවී යාමට ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේය.

එමෙන්ම තමා සිංහල බෞද්ධ නායකයෙකු බවත් එය ප්‍රකාශ කිරීමට කිසිවිටෙකත් මැලි නොවන බව ද ඔහු කියා සිටියේය.

කොළඹ, නිදහස් චතුරශ්‍රයේ දී පෙබරවාරි 04 වැනිදා පැවැති 73 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයකදී ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.