කෝවිඩ් එන්නත: "රටේ ජනතාව බේරා ගැනීමට තියෙන හොඳම ආයුධය එන්නත්කරණයයි"

වීඩියෝ ශීර්ෂ වැකිය, කොවිඩ් එන්නත: "රටේ ජනතාව බේරා ගැනීමට තියෙන හොඳම ආයුදය එන්නත්කරණයයි''
Published

කොරෝනා රෝගී තත්ත්වයෙන් රටේ ජනතාව බේරා ගැනීමට තිබෙන හොඳම ආයුධය එන්නත්කරණය බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

ශ්‍රී ලංකාවේ කෝවිඩ් මර්දනය සඳහා ඉන්දීය රජය ප්‍රදානය කළ 'ඇස්ට්‍රාසෙනෙකා කෝවිෂීල්ඩ්' එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් ලබා දීමේ සමාරම්භක උත්සවය ජනවාරි 29 වැනිදා කොළඹ පිහිටි බෝවන රෝග ජාතික විද්‍යායතනයේ පැවති අතර එම අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා ය.

සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල ඉදිරිපෙළ සාමාජිකයන්ට එන්නත් ලබා දීම පළමු අදියර යටතේ සිදු කෙරේ.

නිෂ්පාදනය: ෂර්ලි උපුල් කුමාර