කොරෝනා ආසාදිත මෘත දේහ ආදාහනයට නිර්දේශ කළේ කුමන විශේෂඥ කමිටුවද?
Published
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ මෘත ශරීර සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කළ ක්‍රියාමාර්ගයම ඉදිරියටත් ගෙනයමින් ආදාහනය කිරීමට පමණක් තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය.
ඇය පැවසුවේ, ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත්කරන ලද විශේෂඥ කමිටුව කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය පමණක් සිදුකළ යුතු බවට නිර්දේශ කර ඇති බවය.
වීඩියෝව නරඹන්න.
සංස්කරණය: ෂර්ලි උපුල් කුමාර