ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකා මහ මැතිවරණය: ගිනිඅවි පසෙකට, ඉදල අතට
Published
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම ක්‍රියාත්මක වන අද (අගෝස්තු 05) දිනයේ ද නීති විරෝධී ප්‍රචාරක කටයුතු පිළිබඳ වාර්තා වී ඇත.
මනාප අංක සටහන් කළ දැන්වීම්, ඡන්ද මධ්‍යස්ථාන අවට මාර්ගයේ විසුරුවා තිබීමේ සිද්ධීන් අම්පාර, වවුනියාව සහ කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකම දක්නට ලැබුණි.
ඒවා ඉවත් කිරීමේ කටයුතු පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය විසින් සිදු කරන ලදී.
කෙසේ නමුත් ඡන්ද විමසීමට බාධාවක් වන බරපතල සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල සේවයට කියා සිටියේය.