ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2020 ශ්‍රී ලංකා මහ මැතිවරණය: නිවැරදි ලෙස ඡන්දය සළකුණු කරන හැටි මැතිවරණ කොමිසමේ සභාපති කියයි
Published
2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී මනාප සටහන් කරන විට තමාගේ ඡන්දය ප්‍රතික්ෂේප නොවන අයුරින් ක්‍රියා කිරීමට විශේෂ අවධානයක් යොමු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ඡන්දදායකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
අගෝස්තු 05 පෙරවරු 7.00 සිට පස්වරු 05 දක්වා මධ්‍යස්ථාන 12,985කදී ඡන්ද විමසීම සිදු කෙරේ.
මෙවර මහ මැතිවරණයට ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අටසිය අසු පහකි.