2020 ශ්‍රී ලංකා මහ මැතිවරණය: නිවැරදි ලෙස ඡන්දය සළකුණු කරන හැටි මැතිවරණ කොමිසමේ සභාපති කියයි

වීඩියෝ ශීර්ෂ වැකිය, නිවැරදි ලෙස ඡන්දය සළකුණු කරන හැටි මැතිවරණ කොමිසමේ සභාපති කියයි
Published

2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී මනාප සටහන් කරන විට තමාගේ ඡන්දය ප්‍රතික්ෂේප නොවන අයුරින් ක්‍රියා කිරීමට විශේෂ අවධානයක් යොමු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ඡන්දදායකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

අගෝස්තු 05 පෙරවරු 7.00 සිට පස්වරු 05 දක්වා මධ්‍යස්ථාන 12,985කදී ඡන්ද විමසීම සිදු කෙරේ.

මෙවර මහ මැතිවරණයට ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අටසිය අසු පහකි.