කොරෝනා වෛරසය මැඩලීමට ඊශ්‍රායල් ආණ්ඩුව සහ විපක්ෂය එක්වීමේ උත්සහයක්

Benny Gantz hopes to form a national unity government, "as broad as possible", within days

ඡායාරූප මූලාශ්‍රය, ISRAELI PRESIDENCY

Published

කොරෝනා වෛරසයට එරෙහිව එකමුතුව සටන් වැදීම සඳහා ඊශ්‍රායලයේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ප්‍රයත්නයක් දරමින් සිටී.

එම උත්සහය දැරෙමින් තිබෙන අතරවාරයේ, ඊශ්‍රායල අගමැති බෙන්යමින් නෙතන්යාහු ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන බෙනී ගාන්ට්ස් ට ආණ්ඩුවක් පිහිටුවන මෙන් ජනාධිපතිවරයා විසින් ආරාධනා කරනු ලැබීය.

අගමැතිවරයා නායකත්වය දරන ලිකුඩ් පක්ෂය මහ මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත් නමුත් ඔහුගේ ප්‍රතිවාදී ගාන්ට්ස් ට තවත් මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය හිමිවේ.

ඒ සඳහා ආරම්භක පියවරක් වශයෙන් එරට ප්‍රධාන ප්‍රතිවාදී දේශපාලන පක්ෂ දෙක නියෝජනය කරමින් ඊශ්‍රායල් ලිකුඩ් පක්ශයේ නායක අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ජනාධිපති රුවෙන් රිව්ලින් අතර හමුවක් සිදුවිය.

නව ආණ්ඩුවක් පිහිටුවන මෙන් ආරාධනා ලැබීමෙන් අනතුරුව අදහස් දැක්වූ බෙනී ගාන්ට්ස් කියා සිටියේ, හැකි ඉක්මනින්ම "පුළුල් ජාතික ආණ්ඩුවක්" පිහිටුවීම සඳහා පියවර ගන්නා බවය.

ඔවුන්ගේ උත්සාහය කොරෝනා අභියෝගය හමුවේ ජාතිය ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් කැබිනට් මණ්ඩලයක් නිර්මාණය කර ගැනීමය.

එම අර්බුදකාරී සාකච්ඡා පෙරට යමින් පවතින්නේ වසරක් ඇතුළත ඊශ්‍රායලයේ පැවැත්වෙන අවිනිශ්චිත තුන්වෙනි මහ මැතිවරණයෙන් අනතුරුවය.

පසුගිය සතියේ කොරෝනා ව්‍යාප්තියත් සමඟ ප්‍රකාශයක් කළ ඊශ්‍රායෙල් ආණ්ඩුව සිය රටට ඇතුල්වෙන සියලු පුද්ගලයන් දවස් දාහතරක කාලයක් නිරෝධායන විය යුතු යයි නියෝග කළේය.

තහවුරු කරන ලද කොරෝනා වෛරස ආසාදිතයන් දෙසීයක් වාර්තා වී ඇතත් සඳුදා දිනය (මාර්තු 16) වනතෙක් ඊශ්‍රායලයෙන් එම ව්‍යසනය නිසා සිදු වූ මරණ වාර්තා කොට නැත.

කෙසේවුවද, එක්සත් කැබිනට් මණ්ඩලයක් නිර්මාණය කර ගැනීම සඳහා ඉරිදා පැවැත්වුන සාකච්ඡා කෙලවර වී ඇත්තේ තීරණයකින් තොරව බවත් වාර්තා වෙයි.

අගමැති නෙතන්යාහු ඊශ්‍රායලයේ දීර්ඝතම කාලයක් බලයේ සිටි අගමැතිවරයා වන අතර ඔහු වාර්තාගත මට්ටමින් තවත් නිල කාලයක් බලය අපේක්ෂා කරයි.

බෙනී ගාන්ට්ස් ඊශ්‍රායල් ආරක්ෂක හමුදාවන්හි හිටපු ප්‍රධානියා ය.

කොරෝනාවෛරසය