කලහකාරීහු දිල්ලි නුවර වෙළඳසල් සහ නිවාස ගිනි තබති
Published
ඉන්දියාවේ දිල්ලි අගනුවර පැතිර ගිය ගැටුම් හේතුවෙන් විස්සකට වැඩි පිරිසක් මරණයට පත් වූහ.
නව පුරවැසි පනත මුල් කර ගනිමින් ආරම්භ වූ ප්‍රචණ්ඩකාරී විරෝධතා පසුව ආගමික මුහුණුවරක් ගනු ලැබිණි.
පුරවැසි පනත මගින් බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය යන අසල්වැසි රටවල මුස්ලිම් නොවන පුද්ගලයන්ට පුරවැසිභාවය හිමි වේ.
එමගින් මුස්ලිම් ජනයාට වෙනස් ලෙස සැලකීමක් සිදු කර ඇතැයි විවේචකයෝ පවසති.
නමුත් නව පුරවැසි පනත මගින් ඉහත කී රටවල හිංසාවට ලක්වන සුළුතර ආගමිකයන්ට සහන සැලසෙන බව ඉන්දීය ආණ්ඩුව කියා සිටී.
සබැඳි පුවත්:
