'අඩුපාඩු රැසක් මැද' අඳුරට ශාප නොකර පහනක් දැල්වීමට වෙර දරන පාසලක්

ගාල්ල/මාපලගම ගෝනලගොඩ විජයබාහු ප්‍රාථමික විද්‍යාලය

ඡායාරූප මූලාශ්‍රය, Gonalagoda Vijayabahu Nagoda

    • Author, කුමුදු ජයවර්ධන සහ ෂර්ලි උපුල් කුමාර
    • Role, BBC සිංහල සේවය
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

එක්සත් ජාතීන්ගේ ගෝලීය තිරසර වැඩසටහනේ 2030 වසර වන විට අපේක්ෂිත ඉලක්ක අතර අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබා දී තිබේ.

ඊට සමගාමීව පාසල් අධ්‍යාපනය ටැබ් පරිගණක ආශ්‍රිතව ලබා දිය යුතු බවට යෝජනා ඉදිරිපත් විය. රජයේ පාසල්වල ඉගැන්වීම් කටයුතු ඉංග්‍රීසි බසින් කළ යුතු බවට මෑතකදී යෝජනා ඉදිරිපත් විය.

එහෙත්, පාසලකට අත්‍යවශ්‍ය සාධක පවා අහිමි පාසල් ශ්‍රී ලංකාවේ කොපමණ තිබේ ද?

කෙසේ වෙතත්, අවම පහසුකම් පවා නොමැති පාසලක ගුරුවරුන් 5 දෙනෙකුගේ මග පෙන්වීම යටතේ අධ්‍යාපන කටයුතු මෙන් ම විෂය බාහිර කටයුතු ද සාර්ථකව සිදුකෙරෙන පාසලක් අපට හමු විය.

එම පාසලේ නම, ගාල්ල/මාපලගම ගෝනලගොඩ විජයබාහු ප්‍රාථමික විද්‍යාලය වේ. එහි දරුවන් 18 දෙනෙකු ඉගෙනුම ලබන අතර ගුරුවරුන් 5 දෙනෙක් අනුයුක්තව සිටිති.

මෙම පාසල සුවශේෂී වන්නේ, විදුහල්පතිවරයා සහ ගුරුවරුන් 5 දෙනා තමන්ට ඇති අවම පහසුකම් යටතේ "හැකි උපරිම ආකාරයෙන් දරුවන්ට අධ්‍යාපනය මෙන් ම විෂය බාහිර අත්දැකීම් ද ලබාදීම"යි.

පසුගිය පෙබරවාරි 07 වන දා ගෝනලගොඩ විජයබාහු ප්‍රාථමික විද්‍යාලයට සුවිශේෂී දිනයක් විය. ඒ, එදින එම පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල පැවැත්වූ හෙයිනි.

ගෝනලගොඩ විජයබාහු ප්‍රාථමික විද්‍යාලය

ඡායාරූප මූලාශ්‍රය, Gonalagoda Vijayabahu Nagoda

ගෝනලගොඩ විජයබාහු ප්‍රාථමික විද්‍යාලය

ඡායාරූප මූලාශ්‍රය, Gonalagoda Vijayabahu Nagoda

එහිදී, පාසල් තූර්ය වාදක කණ්ඩායම සඳහා සංගීත භාණ්ඩ ලෙස භාවිත කළේ, පාවිච්චි කර බැහැර කරන ද උපකරණ සහ ස්වාභාවික ද්‍රව්‍යවලින් සකසා ගත් සංගීත භාණ්ඩය.

අඳුරට ශාප නොකර පහනක් දැල්වීමට වෙර දරන පාසලක්

ඡායාරූප මූලාශ්‍රය, Gonalagoda Vijayabahu Nagoda

ප්‍රධාන ඩ්‍රම් එක සඳහා ප්ලාස්ටික් භාජනයක් (බූලියක්) යොදාගෙන තිබිණි. හොරණෑව සඳහා භාවිත කළේ පුනීලයකින් සකස් කළ උපකරණයකි. සිම්බල් එක බෙලෙක් පිඟන් දෙකකින් සකසාගෙන තිබිණි.

බෙර සඳහා යොදාගෙන තිබුණේ, උණ බට කැබලිය.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

මේ පාසල අතීතයේ "ඉතා ජනප්‍රිය පාසලක් වශයෙන් ක්‍රියාත්මකව තිබූ" අතර පසුව පාසල් ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළ යටතේ වෙනත් පාසලකට අනුබද්ධ කිරීමට දැරූ උත්සහයට විදුහල්පතිවරයා ඉඩ නොදුන් බව මාපලගම ගම් වැසියෙකු වන සුජීව ප්‍රියලාල් බීබීසී සිංහල සේවයට පැවසීය.

"එතනින් පස්සේ පාසලේ දරුවන් ගොඩක් දෙනෙක් වෙනත් පාසල්වලට ගියා. ගොඩක් දුප්පත් පවුල් කිහිපයක ළමයි කීප දෙනෙක් විතරයි ඉතුරු වුණේ. දැන් වතුර ලබා ගැනීමේ ප්‍රශ්න පවා තියෙනවා පාසලට"

විදුහල්පති රවී ලියනගේ

ඡායාරූප මූලාශ්‍රය, Gonalagoda Vijayabahu Nagoda

ඡායාරූප ශීර්ෂ වැකිය, විදුහල්පති රවී ලියනගේ

කෙසේ වෙතත්, මේ වන විට පාසලේ විදුහල්පතිවරයාගේ සහ ගුරු මණ්ඩලයේ කැපවීම මත දරුවන් යම් ප්‍රමාණයකින් වැඩි වී ඇතැයි දෙමාපියෝ පවසති.

"මගේ දරුවත් මේ ඉස්කෝලෙට එවන්න ප්‍රධාන හේතුව තමයි අධ්‍යාපන මට්ටම හොඳයි. ගුරුවරු හොදට කැපවෙලා අවධානයෙන් අපේ දරුවන්ට අධ්‍යාපන කටයුතු කරනව. උදෑසන රැස්වීමේදි පවා හැම ළමයෙකුට ම ඉදිරිපත් කිරීමේ අවකාශය ලබා දෙනවා. එක ශ්‍රේණියට ඉංග්‍රීසි උගන්වන්න ගුරුවරියක් නෑ. පහ ශ්‍රේණියේ ගුරුතුමිය තමයි ඒ පන්තියත් බලන්නේ," එලෙස පැවසුවේ, ගම්මැද්දේගොඩ පදිංචි තනූජා නානායක්කාරය.

අඩුපාඩු රැසක් මධ්‍යයේ පාසල පවත්වාගෙන ගිය ද විෂය බාහිර ක්‍රියාකාරකම් පවා ඉතා සාර්ථකව සිදු කරන බව තවත් දරුවෙකුගේ මවක වන එම්.එන්. ප්‍රමිලා බීබීසී සිංහල සේවයට පැවසීය.

"නිදහස් උත්සවය, ශිෂ්‍ය නායක ලාංඡන පැළඳවීමේ උත්සවය, ක්‍රීඩා උත්සවය වගේ සියලු දේවල් මේ ඉස්කෝලේ කරනවා. ඒක නිසා අපේ දරුවන්ට විෂය බාහිර වැඩ ගැන ලොකු අවබෝධයකුත් ලැබෙනවා."

අඳුරට ශාප නොකර පහනක් දැල්වීමට වෙර දරන පාසලක්

ඡායාරූප මූලාශ්‍රය, Gonalagoda Vijayabahu Nagoda

ඡායාරූප ශීර්ෂ වැකිය, නිදහස් උත්සවය සමරමින්
ශිෂ්‍ය නායක ලාංඡන පැළඳවීමේ උත්සවය

ඡායාරූප මූලාශ්‍රය, Gonalagoda Vijayabahu Nagoda

ඡායාරූප ශීර්ෂ වැකිය, ශිෂ්‍ය නායක ලාංඡන පැළඳවීමේ උත්සවය

මෙම පාසලේ ඉගෙනුම ලබන දරුවන් වැඩි දෙනෙකුගේ දෙමාපියන් දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිසකි.

"අපි එදිනෙදා කුලී වැඩ කරලයි ජීවත් වෙන්නේ. අමාරුකම් ගොඩක් මැද්දෙ තමයි දරුවො ඉස්කෝලෙ එවන්නේ. ඉස්කෝලේ ගොඩක් අඩුපාඩු තියෙනවා. ඒ දෙවල්වලට උදව් ලැබනවා නම් ගොඩක් හොඳයි," පළමු වසර දැරියකගේ මවක වන රංජනී නාගොඩවිතාන පැවසීය.

තවදුරටත් කියවන්න.