සුනාමි නිවාස: සෞදියෙන් ලැබුණු නිවාස 500 ජනතාවට නොදෙන්නේ ඇයි?

වීඩියෝ ශීර්ෂ වැකිය, ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ''නිවාස බෙදීම''
Published

අම්පාර දිස්ත්‍රික්කයේ, අක්කරපත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නොරොච්චෝලේ පිහිටි සෞදි අරාබි රජයේ අනුග්‍රහය සහිතව ඉදි කරන ලද නිවාස පන්සියයේ ව්‍යාපෘතිය මේ දක්වා ජනතා අයිතියට පත්කර නොමැත.

නිවාස පන්සීයක්, පාසල් දෙකක්, රෝහලක්, ක්‍රීඩා පිටියක්, වෙළෙඳ මධ්‍යස්ථානයක් ඇතුළු සියලු යටිතල පහසුකම් සහිතව සුනාමියෙන් පසුව ඉදිකෙරුණු මෙම නිවාස බෙදාදීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය 2009 වසරේදී නියෝගයක් ද නිකුත්කර තිබේ.

එහෙත් එම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අද දක්වා ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම හේතුවෙන් රුපියල් මිලියන ගණනක් වටිනා අදාළ ව්‍යාපෘතියේ නිවාස වල් බිහි වී නිවාස තුළ රූස්ස ගස් දක්නට ලැබේ.