ශ්රී ලංකාව: ගෙවී ගිය වසරේ බීබීසී සිංහල සේවයේ වඩාත් ජනප්රිය පුවත්

සමාජයීය සහ දේශපාලනික වෙනස්කම් බොහොමයක් සමඟ 2019 වසර අවසානයට ළඟා වී තිබේ.
ගෙවී ගිය වසරේ සෑම මසකම බීබීසී සිංහල සේවයේ වඩාත් ජනප්රිය වූ ලිපි මොනවාද?
ජනවාරි
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ගැටුම් 'උග්ර අතට': "කණ්ඩායම කල්ලිවලට බෙදිලා"

ඡායාරූප මූලාශ්රය, Getty Images
ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයන්, පුහුණුකරුවන් හා පරිපාලකයන් අතර ගැටුම් උග්ර අතට පත්වී ඇති බව පෙන්වා දෙමින් බීබීසි සිංහල සේවය පළ කළ ලිපියට 2019 ආරම්භයේ දී වැඩිම පිරිසකගේ අවධානය යොමු වී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදා වැලිසර කඳවුර තුළ "මූලික පහසුකම් හෝ නොමැති සිර ගෙයක්"
විවිධ හේතු මත ශ්රී ලංකා නාවික හමුදාවේ කොන්දේසි කඩ කළ සහ සේවය අතහැර ගොස් සිටියදී අත්අඩංගුවට ගත් පිරිසක් වැලිසර ගැමුණු නාවික හමුදා කඳවුර තුළ "මූලික පහසුකම් හෝ නොමැතිව" සිර කර සිටින බව බීබීසී සිංහල සේවය අනාවරණය කළේය.
එම පිරිසට අඳින්නට ඇත්තේ එක් කොට කලිසමක් බැගින් වන අතර, උඩුකය වසා ගැනීමට කිසිවක් නොමැති බවත් එහි සිට නිදහස්ව පැමිණි පිරිසක් බීබීසී සිංහල සේවය සමග පැවසූහ.
පෙබරවාරි
ආදරවන්තයන්ගේ දිනය: නීතිය සහ මානසික ගැටලු ගැන පෙම්වතුන් දැන සිටිය යුතු කරුණු

ඡායාරූප මූලාශ්රය, Getty Images
සෑම වසරක ම පෙබරවාරි 14 වන දාට යෙදී ඇති වැලන්ටයින් දිනය ලොව සමහර රටවල පෙම්වතුන්ට ආස්වාදජනක දිනයක් වෙද්දී ඇතැම් රටවල පෙම්වතුන්ට එය අභියෝගයකි.
ශ්රී ලංකාව තුළ නිදහසේ 'ආදරය කිරීමට' ඇති බාධා, අයිතිවාසිකම්, නීතිය, මානසික ගැටලු, ප්රේමය සහ ලිංගිකත්වය මෙන්ම සමාජ අපවාද පිළිබඳ විස්තර කෙරෙන මෙය පෙබරවාරි මස බීබීසී සිංහල වෙබ් අඩවියේ වඩාත්ම ජනප්රිය වූ ලිපියයි.
දෙසතියකට වරක් ස්ත්රීන් සියයක් සමග යහන්ගත විය හැකි කාල සටහන
චීන අධිරාජ්යයාගේ මාලිගාවේ සිදුවන බොහෝ දේ තීරණය වී තිබුණේ ද ඉලක්කම් පදනම් කරගෙනය.
චීන අධිරාජ්යයාට සිය අන්තඃපුර ස්ත්රීන් සමග යහන්ගත වීම සඳහා ද කාල සටහනක් ඇති අතර, ඒ ගැන විස්තර කළ ලිපිය ද මෙම මස තුළ ජනප්රිය වී ඇත.
මාර්තු
බ්රිතාන්යයේ "දීප්තිමත් ම දරුවා" ලෙස සම්මාන ලැබූ ශ්රී ලාංකික දැරියගෙන් ලංකාවේ දරුවන්ට උපදෙසක්

ඡායාරූප මූලාශ්රය, NEELANGA UGGALLE
බ්රිතාන්යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබූ දොළොස් හැවිරිදි ශ්රී ලාංකික දැරියක වන නිශී උග්ගල්ල පිළිබඳ පළ වූ ලිපියට මාර්තු මස වැඩි අවධානයක් යොමු වී තිබේ.
තමන් සමග තරග කළ බ්රිතාන්යයේ වෙසෙන විවිධ ජාතීන්ට අයත් දරුවන් පිරිසක් පහසුවෙන් ම පරදවා ඉහළ ජයග්රහණයක් ලැබීමට ඇය සමත් වූවාය.
නාගානන්ද කොඩිතුවක්කු සහ අධිකරණය: තීරුබදු නඩුවෙන් "විනිසුරුවෝ හතක් ඉවත් වෙලා"
ජනාධිපතිවරණය සඳහා තරග වදින බවට ප්රකාශයට පත් කිරීමත් සමඟ නීතිවේදී නාගානන්ද කොඩිතුවක්කු ශ්රී ලංකාව තුළ ප්රසිද්ධ චරිතයක් බවට පත් විය.
ඔහුට එරෙහිව මෙන්ම ඔහු විසින් පැවරූ නඩු පිළිබඳ මෙම ලිපියේ සවිස්තරව දැක්වේ.
අප්රේල්
ශ්රී ලංකාවේ පිපිරීම්: බෝම්බකරුට 'බාධාවක්' වූ රමේෂ්

පාස්කු ඉරිදා එල්ල වූ ප්රහාරයේ දී මඩකලපුව සියොන් දේවස්ථානයට එක්ව සිටි විශාල පිරිසකගේ ජීවිත බේරාගත් රමේෂ් පිළිබඳ පළ වූ මෙම ලිපිය අප්රේල් මස වඩාත් ජනප්රිය විය.
බෝම්බයෙන් රමේෂ් මිය ගිය ද ඔහු එම ප්රදේශයේ ජනතාව අතර දැඩි ගෞරවයට පාත්ර විය.
දේවස්ථාන සහ හෝටල්වල පිපිරීම්: මේ දක්වා දන්නා කරුණු මොනවාද?
පාස්කු ප්රහාරය සිදු වූ දින පළ වූ මෙම ලිපියෙහි ඇසින් දුටුවන්ගේ අත්දැකීම්, මියගිය පිරිස, අත්අඩංගුවට ගත් සැකකරුවන්, ඇඳිරි නීතිය, සමාජ මාධ්ය ජාල, විවිධ නායකයන්ගේ ප්රකාශ ඇතුළු එදින සිද්ධි එකිනෙක විස්තර කර තිබේ.
මැයි
ශ්රී ලංකාවේ යුද්ධය නිම වී දස වසරක්: අඹුසැමියන් වූ පස මිතුරන්

කලෙක එකිනෙකාට ගිනි බිඳ ගත් පසුව අඹු සැමියන් බවට පත් සිංහල සහ දමිළ තරුණ යුවළ ගැන පළ වූ මෙය මැයි මස තුළ වඩාත්ම අවධානයට ලක් වූ ලිපියය.
ශ්රී ලංකාවේ සිවිල් යුද්ධය අවසාන වී දස වසරක් පිරෙන මැයි මස 18 වෙනිදා මෙම ලිපිය බීබීසී සිංහල වෙබ් අඩවියේ පළ විණි.
ශ්රී ලංකාවේ මුස්ලිම් විරෝධී ප්රහාර: මුස්ලිම් පවුල් රැකගත් සිංහල පවුලක්
පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම්වලින් පසු දියත් වූ මුස්ලිම් විරෝධී ප්රහාර හමුවේ සුජීවනී චන්දිමාගේ සිංහල පවුල තමන්ට ආරක්ෂාව සැලසූ අයුරු පැවසූ නාත්තන්ඩිය තුම්මෝදර පදිංචි ඒ කේ හලීමාගේ කතාව ද මෙම මස වඩාත් කිය වූ ලිපි අතර ඉහළින් තිබේ.
ජුනි
ලෝක කුසලාන ක්රිකට්: රෂීඩ් ඛාන් භාරගත් මුරලිගේ 'අමිහිරි වාර්තාව'

ඡායාරූප මූලාශ්රය, Getty Images
ක්රිකට් ලෝක කුසලාන මූලික වටයේ තරගයේදී එංගලන්ත නායකයා ලෝකයේ දක්ෂතම පා දඟ පන්දු යවන්නෙකු ලෙස සළකන ඇෆ්ගනිස්ථානයේ රෂිඩ් ඛාන්ට පන්දුවාර 9යකදී ලකුණු 110ක් ලබාදී මෙතෙක් දඟ පන්දු යවන්නේකු එක්දින ක්රිකට් තරගයක ලබාදී තිබුණු වැඩිම ලකුණු සංඛ්යාව සඳහා වන අමිහිරි වාර්තාව සිය නම ඉදිරියේ සඳහන් කර ගත්තේය.
මින් පෙර එම අමිහිරි වාර්තාව සටහන් වී තිබුණේ ලෝකයේ වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා වන ශ්රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ගේ නම ඉදිරියෙනි.
ක්රිකට් ලෝක කුසලානය: මහේන්ද්ර සිං ධෝනිගේ 'යුද අත්වැස්මට' ICCය හරස් වෙයි
ලෝක කුසලාන ක්රිකට් ක්රීඩා තරගාවලියේ දී යුද හමුදා ලාංඡනයක් සහිත ආරක්ෂක අත්වැස්මක් පැළඳීම නතර කරන ලෙස ජාත්යන්තර ක්රිකට් පාලක මණ්ඩලය ඉල්ලා සිටි අතර, එය ඉන්දියානුවන්ගේ බලවත් කෝපයට හේතු විය.
ජූලි
සැම්සුන් ජංගම දුරකතනය: 'ව්යාජ වෙළෙඳ ප්රචාරණයට' එරෙහිව නඩු

ඡායාරූප මූලාශ්රය, Reuters
සැම්සුන් සමාගමේ නිෂ්පාදිත ජංගම දුරකතනවල ජල ප්රතිරෝධී උපාංග ඇතුළත් බව සඳහන් කරමින් පාරිභෝගිකයන් නොමග යවන ආකාරයේ වෙළෙඳ දැන්වීම් ප්රචාරණය කරන බව පවසමින් එම සමාගමට එරෙහිව නඩු පැවරීමට ඔස්ට්රේලියාවේ පාරිභෝගික කොමිසම ක්රියා කළේය.
සත්ත්ව විශේෂ 26ක් ලොවට හඳුන්වා දුන් ශ්රී ලංකාවේ 'ඩාවින් පවුල'
නව ජීවීන් විශේෂ 26ක් ලොවට හඳුන්වා දුන් සුවිශේෂී විද්යාඥ යුවලක් ශ්රී ලංකාවේ වාසය කරති. ඔවුහු තවත් නව ජීව විශේෂ 100ක් ලොවට හඳුන්වා දීමට අදාළ පර්යේෂණ කටයුතු මේ දිනවල සිදු කරමින් සිටිති.
අගෝස්තු
ශ්රී ලංකාවේ දික්කසාද නීතිය, අදහස් සහ උපදෙස්

ඡායාරූප මූලාශ්රය, Getty Images
වර්තමාන ශ්රී ලාංකේය සමාජයේ බොහෝ දෙනෙකු තමන් අදහන ආගම අනුව සියලු චාරිත්ර ඉටු කර අති උත්කර්ෂවත් මංගල උත්සව පවත්වා විවාහ දිවියට ඇතුළු වුවද දික්කසාද වීම් විශාල ලෙස වැඩි වෙමින් පවතින බව දත්ත, වාර්තා සහ අදාළ කරුණ සම්බන්ධයෙන් පළ වන විශේෂඥ මත අනුව පෙනී යයි.
අගෝස්තු මස වැඩි අවධානයක් යොමුව තිබුණේ, පෞද්ගලික අත්දැකීම්, නීතිය, උපදෙස් මෙන්ම ජ්යෝතිෂවේදීන්ගේ අදහස් ද ඇතුළත් මෙම ලිපියටය.
හීලෑ අලි විශ්රාම ගැන්වීමට වයස් සීමාවක් අවශ්යයි - මහාචාර්ය දංගොල්ල
වයෝවෘද්ධ 'ටිකිරි' ඇතින්න මහනුවර පෙරහැරට යොදා ගැනීමට රැගෙන යෑම සහ ඇතින්න මාළිගය පරිශ්රයේ පිහිටි විෂ්ණු දේවාල භූමියේ ඇද වැටීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මත සම්බන්ධයෙන් පළ වූ ලිපියකි.
සැප්තැම්බර්
ලිංගිකත්වය හා කන්යා භාවය : "සතියකට 10 ක් විතර එනවා කන්යා පටලය නැවත හදාගන්න"

ඡායාරූප මූලාශ්රය, Getty Images
සමාජයේ පැවති කන්යාභාවය පිරික්සීමේ සම්ප්රදායට වටිනාකමක් දීමට ඇතැමුන් ක්රියා කළද එය ඒ ඒ කාන්තාවගේ ශාරීරික තත්ත්වය ගැන තැකීමකින් තොරව කෙරෙන මානව සබඳතා බිඳ දමන අර්ථ ශුන්ය දෙයක් බව ලොව පුරා මානව හිමිකම් ක්රියාකාරීන්, වෛද්ය වෘත්තිකයින් මෙන්ම සමාජ විද්යාඥයින් ද පෙන්වා දෙන කරුණකි.
ඉතාලියේ 'මෝදෙනා ආදරවන්තයන්' දෙදෙනාම පුරුෂයන් බව හෙළිවේ
'මෝදෙනාහි ආදරවන්තයන්' ලෙස හඳුන්වන අත් අල්ලාගෙන සිටින යුවළේ අස්ථි පුරුෂයන්ගේ බව පර්යේෂකයන් විසින් හඳුනාගනු ලැබ තිබේ.
ඔක්තෝබර්
ඉන්දියාව: රදගුරු අතින් දූෂණය වූ කන්යා සහෝදරියට වතිකානයෙන් පිහිටක් නැහැ

ඡායාරූප මූලාශ්රය, ANI
කතෝලික රදගුරුවරයකු විසින් තමා දූෂණය කරන ලදැයි චෝදනා කරන ඉන්දියානු කිතුනු කන්යා සහෝදරියක් වතිකානය මගින් ද තමාට යුක්තියක් ඉටු නොවූ බව පවසන්නීය.
ශ්රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතියට කිලෝමීටර් 48ක් එක්වේ
මේ වන විට ලංකාව පුරා ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ග පද්ධතිය ඉදිරි වසරවලදී කුමන ආකාරයකින් විහිදේ දැයි යන්න සොයා බැලීම පිණිස බීබීසි සිංහල සේවය එම මාර්ග ඉදිකිරීමේ නියමුවන් වන ශ්රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ කළ සාකච්ඡාවක් අනුසාරයෙන් සැකසූ ලිපියකි.
නොවැම්බර්
ජනාධිපතිවරණය: අවසන් ප්රතිඵලය

ජනාධිපතිවරණ ප්රතිඵල ඇතුළු අදාළ සිද්ධි ඇතුළත් මෙම වෙබ් පිටුව නොවැම්බර් මස වඩාත් ජනප්රිය විය.
"අපේ මිතුරෝ අපිව පාවා දුන්නා" - මැ. කො. සභාපති
මෙවර ජනාධිපතිවරණයට අදාළ තම නිල කටයුතු අවසන් වීමෙන් අනතුරුව තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය දැනුම් දුන්නේය.
දෙසැම්බර්
කෲඩියා සිලනිකා: ගම්පහ, දාරළුවෙන් හමුවූ ලෝකයෙන් වඳවූ බව සිතූ ශාකය අධිවේගයට බිලි වෙයි ද?

ඡායාරූප මූලාශ්රය, HIMALI MUNASINGHE
ලෝකයෙන් තුරන් වී ඇති බවට ලෝක රතු දත්ත නාමාවලියේ පවා සඳහන්ව තිබූ ශ්රී ලංකාවට ආවේණික වූ ශාකයක් අධිවේගී මාර්ගයකට බිලි වීමට ආසන්නයේ තිබියදී සොයා ගැනීමට හැකි වී තිබේ.
"දූෂණය වූ ස්ත්රිය නැවත නැවතත් දූෂණය වෙනවා"
අසරණ වූ ස්ත්රිය හෝ දැරිය ඒ භයානක සිද්ධිය කිහිප වතාවක දී කිහිප දෙනෙකුටම සවිස්තරාත්මකව පැහැදිළි කළ යුතුය. ඔවුන්ගේ හරස් ප්රශ්න වලට පිළිතුරු දිය යුතුය. අධිකරණයේ දී විත්තිකරු බේරා ගැනීම සඳහා සිටින නීතිඥයා අසන්නේ ඉතා සංවේදී හරස් ප්රශ්න ය. ඇතැම් විට ඇයට පිළිතුරු සපයන්නට වන්නේ තම මව, පියා, ස්වාමි පුරුෂයා, දියණිය හෝ පුත්රයා ඉදිරියේ විය හැකිය.




























