බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට කැඳවන ලද්දේ ඔහුගේ ආරක්ෂාවට - යුද හමුදාපති
රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු තර්ජනයක් නොමැති බව යුද හමුදාපති මහේෂ් සේනානයක පවසයි.
යුද හමුදාපතිවරයා එම ප්‍රකාශය කළේ අද (24) වව්නියාවේ දී වන්නි ආරක්ෂක සේනා 56 වැනි සේනාංකයේ නව කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ අවස්තාවට එක් වෙමිනි.
දියතලාව බසයකදී පුපුරා ගියේ සජීවී අත්බෝම්බයක් බව පැහැදිළි බවත්, ඒ සම්බන්ධයෙන් මේවනවිට පරීක්ෂණයක් පැවැත්වෙන බවත් යුද හමුදාපති මහේෂ් සේනානයක පවසයි.

මේ සම්බන්ධයෙන් මහජනතාව කලබල වියයුතු නැති අතර, එවැනි සිදුවීම් මගින් රටේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
"රටේ ජනතාව කලබල විය යුතු නැහැ. එය අවාසනාවන්ත සිදුවීමක්. ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් තිබෙන බවට කරන බොරු ප්‍රචාර වලට රැවටෙන්නට අවශ්‍ය නැහැ. එහෙම දෙයක් තියෙනවානම් ශ්‍රී ලංකා හමුදා ඒකට වග කියනවා. ඒ ශක්තිය අපට තියෙනව. එහෙම දෙයක් මේ රටේ ඇති වෙන්නෙ නැහැ." - ඔහු පැවසිය.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට කැඳවනු ලැබීම ගැන අදහස් දැක්වූ යුද හමුදාපති මහේෂ් සේනානයක, එම නිලධාරියාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු නැවත කැඳවා ගත් බව සඳහන් කළේය.
"යුද හමුදාපති හැටියට මම නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිනවා. හරිද වැරදිද කියල තීරණය කළයුත්තේ වෙන කෙනෙක්." - යුද හමුදාපතිවරයා පැවසිය.
මේ අවස්ථාවට වන්නි ආරක්ෂක සේනා ආඥාපති මෙජර් ජෙනරාල් කුමුදු පෙරේරා ඇතුළු උසස් හමුදා නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.
පසුගිය පුවත්:





























