ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සිරිලක නිර්මිත 'ලොව දිගම' වැලි බුදු පිළිමය
වැලි යොදා ගනිමින් අඩි හතළිහක් දිග සැතපෙන බුදු පිළිමයක් ඉන්දීය මූර්ති ශිල්පියෙකු විසින් ශ්‍රී ලංකාවේදී නිර්මාණය කරනු ලැබීය.
ජාත්‍යන්තර වෙසක් දිනය වෙනුවෙන් නිර්මාණය කළ බුදු පිළිමය, වැලි යොදා ගනිමින් අඹන ලද ලොව දිගම බුදු පිළිමය බව මූර්ති ශිල්පී සුදර්ශන් පට්ටනයික් පවසයි.
සිය වැලි මූර්ති ප්‍රදර්ශනය නැරඹීම සඳහා දියවන්නා වෙසක් කලාපය වෙත පැමිණෙන මෙන් ඔහු ශ්‍රී ලංකාවාසීන්ට ආරාධනා කරයි.
මේ අතර ජාත්‍යන්තර වෙසක් දින සමාරම්භක උළෙල සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හෙට (මැයි 11) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මැයි 14 වෙනිදා පවත්වනු ලබන සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් නේපාලයේ ජනාධිපතිනිය බින්ද්‍යා දේවි බන්ධාරි සහභාගී වීමට නියමිතව ඇත.
ආසියානු රටවල සහභාගීත්වයෙන්
වෙසක් දින සැමරුමට සමගාමීව පැවැත්වෙන දියවන්නා වෙසක් කලාපය අද සිට 14 වෙනිදා දක්වා දියත උද්‍යානය, පාර්ලිමේන්තු සංකීර්ණය අවට, ජපන් මිත‍්‍රත්ව පාර සහ දියවන්නා ඔය ආශි‍්‍රතව පැවැත්වේ.
ආසියානු රටවල් 10 ක බෞද්ධ සම්ප‍්‍රදායන් පිළිබිඹු කරමින් කෙරෙන ප්‍රදර්ශනයක් ද ඊට ඇතුළත් වේ.