"යාපනය පුස්තකාලය ගිනිතැබීම": රනිල් සමාව ගනියි

ගින්නෙන් විනාශයට පත් යාපනය පුස්තකාලය යළි ගොඩනැගීමට පෙර

ඡායාරූප මූලාශ්‍රය, Jaffna Library

ඡායාරූප ශීර්ෂ වැකිය, ගින්නෙන් විනාශයට පත් යාපනය පුස්තකාලය යළි ගොඩනැගීමට පෙර
Published

1981 වසරේ යාපනයේ පුස්තකාලය ගිනිතැබීම සම්බන්ධයෙන් එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජය වෙනුවෙන් තමන් සමාව ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා එසේ සමාව ඉල්ලා සිටියේ උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳ අද (දෙසැ.06) පාර්ලිමේන්තුවේදී ඇතිවූ උණුසුම් වාදයක් අතරතුරදී.

"අපේ කාලේ පුස්තකාලේ ගිනි තිබ්බා. අපි ඒ ගැන කනගාටු වෙනවා, සමාව ඉල්ලනවා" අගමැතිවරයා පැවසීය.

යාපනය පුස්තකාලය යළි ගොඩනැගීමෙන් පසු

ඡායාරූප මූලාශ්‍රය, Getty/ ISHARA S.KODIKARA

ඡායාරූප ශීර්ෂ වැකිය, යාපනය පුස්තකාලය යළි ගොඩනැගීමෙන් පසු

පසුගිය ආණ්ඩුව සමයේ සිදුවීම් සම්බන්ධයෙන් ද එසේ සමාව ගන්නා ලෙස අගමැතිවරයා ඉන් අනතුරුව ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

රවිරාජ් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙන්ම යාපනයේ මාධ්‍යවේදීන්ගේ ඝාතන සිදුවීම් සම්බන්ධයෙන් ද අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී ඒකාබද්ධ විපක්ෂයට චෝදනා කළේය.