ශ්‍රී ලංකා ක්‍රිකට්: හිටපු නායක තිසර පෙරේරා ජාත්‍යන්තර පිටියට සමු දෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
ඔහු ශ්‍රී ලංකා එක්දින ජාත්‍යන්තර කණ්ඩායමේ සහ විස්සයි විස්ස ජාත්‍යන්තර කණ්ඩායමේ නායකත්වය දැරීය.
තිසර පෙරේරා ඒ බව ලිපියකින් දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
තමා පසෙකට වී වඩාත් තරුණ සහ වඩාත් දක්ෂතා ඇති ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දීමට කාලය එළඹ ඇතැයි හැඟෙන බව තිසර පෙරේරා සිය ලිපියේ සඳහන් කර ඇත.
සිය පුද්ගලික ඉලක්ක සහ පවුල් ජීවිතයට අවධානය යොමු කිරීමට නිසි වේලාව පැමිණ ඇති බවත් ඉහත කී ලිපියේ දැක්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ අතීතයේ මෙන්ම වර්තමානයේදීත් තමන්ට සහාය ලබා දුන් ක්‍රිකට් කණ්ඩායම් නායකයන්ට, ඔහු සමඟ ක්‍රීඩා කළ අනෙකුත් සාමාජිකයන්ට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයට ද ඔහු ස්තූතිය පළ කර තිබේ.
මේ ගැනත් කියවන්න:
























