ක්‍රිකට්: ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට මාතෘ නිවාඩු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය එරට ක්‍රිකට් ක්‍රීඩක සම්මේලනයේද සහයෝගය ඇතිව සිය ක්‍රීඩිකාවන්ට මාතෘ නිවාඩු ක්‍රමයක් ක්‍රියාවට නංවා ඇත.
'කැන්ගරු' ක්‍රිකට් ඉතිහාසයේ එවැනි පියවරක් ගන්නා ලද පළමු අවස්ථාව මෙය වේ.
'ඕස්ට්‍රේලියානු ක්‍රිකට් මාතෘ නිවාඩු සැලසුම' පසුගිය ජූලි පළමුවෙනිදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාවට නංවා ඇත.
එම සැලැස්ම අනුව ප්‍රාන්ත සහ ජාතික මට්ටමේ මෙන්ම 'බිග් බෑෂ්' කොන්ත්‍රාත්තු සහිත ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට වැටුප් සහිත මාස දොළහක නිවාඩුවක් ලැබේ.
තමා විසින්ම ප්‍රසූත කරන ලද දරුවන් වෙනුවෙන් මෙන්ම හදාවඩා ගැනීම සඳහා ලබාගත් දරුවකු වෙනුවෙන් ද වැටුප් සහිත එම "දෙමාපිය නිවාඩුව" ලැබෙනු ඇත.
මෙම වැඩ පිළිවෙලේ තවත් විශේෂ ප්‍රතිලාභයක් වන්නේ, කොන්ත්‍රාත්තුවක් සහිත ක්‍රිකට් ක්‍රීඩිකාවක් ගැබ්ගත් විට හෝ හදාවඩා ගැනීමට දරුවකු ලබාගත් අවස්ථාවක ඇයගේ සහකරුට හෝ සහකාරියට ද සුමාන තුනක වැටුප් සහිත නිවාඩුවක් පිරිනැමීමය.
ඉහත කී සැලැස්ම අනුව එම වසරක මාතෘ නිවාඩුව අවසන් වීමෙන් අනතුරුව, ඊළඟ වසරේ පටන් ඔවුන්ගේ ක්‍රීඩා කොන්ත්‍රාත්තු යළි බලපැවැත්වේ.

එපරිද්දෙන් කොන්ත්‍රාත්තු යළි බල ගැන්වීමට අමතරව, දරුවාට වසර හතරක් වනතෙක් වෙනත් ප්‍රතිලාභ රැසක් ද ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට හිමිවෙන බව නව වැඩ පිළිවෙල මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
මවකගෙන් ශතකයක්
පසුගිය සිකුරාදා සිඩ්නි නගරයේ දී ඉහත කී සැලැස්ම ප්‍රකාශයට පත්කරමින් අදහස් දැක්වූ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩිකා ඇලිසා හීලි (Alyssa Healy)මෙසේ කියා සිටියාය.
"අංග සම්පූර්ණ ඒ වගේම දෙමාපිය නිවාඩු පිළිවෙතේ අභිමතයට අනුකූල මේ වගේ ක්‍රීඩාවක කොටස්කාරියක් වීමට ලැබීම මට ආඩම්බරයක්"
"ක්‍රීඩාව සහ සංචාරය සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගෙන් කෙරෙන ඉල්ලීම් අනුව, මේ සැලැස්ම මගින් ක්‍රීඩිකාවන්ට සහයෝගයක් ලැබෙනවා. ඉතින් ඔවුන් තෝරා ගත්තොත්,ඔවුන්ගේ ළමයින් රැකබලා ගැනීම වගේම ක්‍රීඩාවට සහභාගීවීම යන අරමුණු දෙකම ඉටු වෙනවා" කඩුලු රකින ක්‍රීඩිකා ඇලිසා හීලි (Alyssa Healy) වැඩිදුරටත් සඳහන් කළාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"මිතුරු මිතුරියන් සහ පවුලේ සාමාජිකයන් විසින් දරුවන් බලාකියා ගැනීම දෙමව්පියන්ට ශාරීරික සහ සංවේදී පිරිවැයක්" ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකාව පවසන්නීය.
"මෙය වෘත්තීය සුරක්ෂිතභාවයක් මෙන්ම, ක්‍රීඩිකාවන්ගේ අනාගත සලසුම්වලත් වෙනසක් ඇතිකරන වැඩ පිළිවෙලක්" ඇය පෙන්වා දෙයි.
ඉහත කී නව සැලැස්ම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු සාකච්ඡා කරමින් සිටියේ 2017 වසරේ සිටය.
ඊට හවුල් වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තාරකාවක් වන සාරා එලියට් (Sarah Elliott) ක්‍රීඩාවේ නිරතවෙමින් සිටියදී දරුවකු රැකබලා ගත් මාතාවක් ද වන්නීය.
ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන වකවානුවේ 2013 වසරේ දී පිරිමි දරුවකු ප්‍රසූත කළ සාරා, යළි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියට අවතීර්ණ වෙමින් එංගලන්තයට එරෙහිව ශතකයක් වාර්තා කිරීමට සමත් වූවාය.
ඇය එම ශතකය වාර්තා කරන ලද්දේ ක්‍රීඩාව අතරවාරයේ ලැබෙන විවේකයේ දී මාස නවයක් වූ සිය පුතුට මව්කිරි දෙමිනි.
කියවන්න.




























