ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය: "රාජ්‍යතාන්ත්‍රික මතභේදයක් බවට පත්වෙලා"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සැප්තැම්බර් මස අගදී ඇරඹීමට නියමිතව තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය, ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර රාජ්‍යතාන්ත්‍රික මතභේදයක් බවට පත්ව තිබෙන බව බීබීසි සිංහල සේවයට වාර්තාවේ.
මෙම සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන්නේ ද, නැද්ද යන්න තීරණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා රජයේ උපදෙස් ඉල්ලා තිබේ.
ඔවුන් එම තීරණයට එළඹ ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයේ යෙදුනහොත් එහිදී ඔවුන් "ත්‍රස්ත තර්ජනයකට" මුහුණ දිය හැකි බවට අග්‍රාමාත්‍ය කාර්යාලයට තොරතුරු ලැබීමෙන් අනතුරුවය.
මේ අතර රජය ලබාදෙන උපදෙස් ප්‍රකාර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පකිස්තාන සංචාරය පිළිබඳව ඉදිරි තීරණ ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා බීබීසි සිංහල සේවයට කියා සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පාකිස්තාන සංචාරය කඩාකප්පල් කිරීමට ඉන්දියාව උත්සාහ කරන බව පාකිස්තානයේ මතය වී තිබේ.
නම සඳහන් කිරීමට අකමැති වූ කොළඹ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධානියෙකු බීබීසි සිංහල සේවයට පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයේ යෙදුන හොත් එහිදී ඔවුන්ට "ත්‍රස්ත තර්ජනයක්" එල්ලවිය හැකි බවට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කාර්යාලයට "වැරදි තොරතුරු" ලබා දී ඇතැයි තමන් විශ්වාස කරන බවය.
ප්‍රහාරයක් පිළිබඳව කිසිදු බුද්ධි තොරතුරක් පාකිස්තානය සතුව නොමැති බව පැවසූ ඔහු මේ පිළිබඳව ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කිරීමට කටයුතු කරමින් සිටින බවත් සඳහන් කළේය.
ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා ඇත්තේ තම රට තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමට පූර්ණ ආරක්ෂාව ලබා දීම සඳහා කැපවන බවය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
ඉන්දියාවේ බලපෑම මත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සංචාරයට එක් නොවන බවට පාකිස්තාන විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ෆවාඩ් හුසේන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබිණි.
එහිදී ඔහු පවසා තිබුණේ පාකිස්තාන සංචාරයට සහභාගි වුවහොත් අදාළ ක්‍රීඩකයන් අයිපීඑල් තරඟාවලියෙන් ඉවත් කරන බවට තර්ජනය කර ඇතැයි තොරතුරු දන්නා ක්‍රීඩා විචාරකයින් තමා සමඟ පැවසූ බවය.
එහෙත් එයට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ට්විටර් පණිවුඩයක් මගින් පවසා තිබුණේ පාකිස්තානයේ සංචාරය නොකරන මෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට ඉන්දියාව බලපෑම් කළ බවට එල්ලවන චෝදනාවේ කිසිදු සත්‍යයක් නොමැති බවය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
මේ පිළිබඳව ඉන්දීය හා පාකිස්තාන සමාජ මාධ්‍ය පරිශීලකයෝ විවිධ අදහස් හුවමාරු කර ගනිති.
පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත පළකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දසදෙනා අතරින් පසුගිය වසර කිහිපයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග සඳහා සහභාගි වුයේ ලසිත් මාලිංග පමණි.
සැප්තැම්බර් 27 වෙනිදා ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය 'කරච්චි' නගරයේ පැවැත්වෙන අතර, විස්සයි විස්ස තරග ලහෝර් නගරයේ පැවැත්වීමට නියමිතය.
කියවන්න:





























