ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
උසේන් බෝල්ට් ඔස්ට්‍රේලියාවේ පාපන්දු පිටියට පිවිසීමේ ඉඩක්
අට වතාවක් ඔලිම්පික් ශූරතාව දිනා ගත් උසේන් බෝල්ට් අත්හදා බැලීමක් වශයෙන් ඔස්ට්‍රේලියාවේ පාපන්දු ක්‍රීඩා කිරීම පිළිබඳ සාකච්ඡා පවත්වමින් සිටින බව ක්‍රීඩා සමාජයක් පවසයි.
31 හැවිරිදි හිටපු ජැමෙයිකානු කෙටි දුර ධාවකයා, ඔස්ට්‍රේලියාවේ A ලීග තරගාවලියට ඇතුලත් 'Central Coast Mariners' ක්‍රීඩා සමාජය සමග සති හයක කාලයක් ක්‍රීඩාවේ යෙදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නියමිතය.
සිය ක්‍රීඩා සමාජය මාස හතරක් පුරා බෝල්ට් ලුහුබැඳ ගිය බවත් ඍතුවක් පුරා විහිදුණු ගිවිසුමකට එළඹීමට ඉඩ ඇති බවත් 'Central Coast Mariners' ක්‍රීඩා සමාජයේ ප්‍රධාන විධායක නිලධාරියා පැවසීය.
පාපන්දු ක්‍රීඩකයන්ගේ ඒජන්තවරයෙක්වන ටෝනි රේලිස් ගිවිසුම සම්බන්ධයෙන් "මූලික" එකඟතාවයකට පැමිණ ඇති බව කියා සිටියේය.
අදාළ ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කරන ටෝනි රේලිස් ඔස්ට්‍රේලියාවේ 'ස්කයි ස්පෝට්ස්' ගුවන් විදුලි නාලිකාව වෙත පවසා ඇත්තේ මේ වනවිට බෝල්ට්ගේ වැටුප් පිළිබඳ සාකච්ඡා කෙරෙමින් පවතින බවය.
"ඩොලර් මිලියන ගණනක" එකඟතාවක් යෝජනාවී ඇති බව 'News Corp Australia' වාර්තා කරයි.
මීට පෙර උසේන් බොල්ට් ජර්මනියේ, නෝර්වේ සහ දකුණු අප්‍රිකාවේ පාපන්දු ක්‍රීඩා සමාජ සමග පුහුණුව ලැබීය.
මීටර් 100 සහ 200 ලෝක වාර්තා හිමි බෝල්ට් පසුගිය වසරේ මළල ක්‍රීඩාවෙන් සමුගත්තේය. නමුත් වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙක් වීමට ඔහුට ඇති අපේක්ෂාව මීට ඉහතදී ද පවසා තිබුණි.
උසේන් බෝල්ට්ගේ අත්හදා බැලීමේ කාලයට සඳහා කෙරෙන ගෙවීම් සම්බන්ධයෙන් තමන් සහාය නොදක්වන බව ඔස්ට්‍රේලියාවේ පාපන්දු සංගමයයේ ප්‍රකාශකයෙක් බීබීසී සේවයට පැවසීය.
"හැම දෙයක්ම හොඳින් යනව නම්, කවුද දන්නේ? සමහර විට ඔහු මෙම සෘතුවේ ඒ-ලීගයේ තරග ආලෝකවත් කරාවි" 'Seven Network' පුවත් ආයතනය වෙත ඔවුන් පවසා තිබේ.
උසෙන් බෝල්ට් හා සබැඳි පුවත්: