ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඔලිම්පික් 2016: බෝල්ට් අටවැනි රන් පදක්කම දිනාගනී
ජැමෙයිකානු ජාතික උසේන් බෝල්ට් පිරිමින් සඳහා වූ මීටර 200 දුර ධාවන තරඟය සාර්ථකව නිමාකරමින් රන්පදක්කම දිනාගත්තේය.
එය ඔහුගේ අටවැනි ඔලිම්පික් රන් පදක්කමයි.
තත්පර 19.79 ක දී ඉතා පහසුවෙන් ඔහු ජයකණුව වෙත ලඟාවිය.
ජයග්‍රහණය කිරීම සඳහා ඔහුට තව ඉතිරිව ඇත්තේ 100 x 4 'රිලේ' තරඟය පමණි.
මෙවර තරඟය ඔහු ඇතුළු ජැමෙයිකානු ක්‍රීඩකයන් හතර දෙනාට ජය ගත හැකි වුවහොත් නොකඩවා ඔලිම්පික් තරඟ තුනක දී මීටර 200 'රිලේ' ධාවනයට රන් පදක්කම් දිනාගත් කණ්ඩායම ලෙස ඉතිහාස ගත වනු ඇත.
මේ අතර බ්‍රසීල ජාතිකයන් මහත් උනන්දුවකින් බලා සිටි පිරිමින් ගේ 'බීච් වොලිබෝල්' තරඟය ජය ගැනීමට බ්‍රසීලය සමත්විය.
ඒ අනුව සත්කාරක රට වශයෙන් මෙවර ඔලිම්පික් තරඟයේ දී බ්‍රසීලය පස් වැනි රන් පදක්කමයි එසේ හිමි කර ගත්තේ.