අටවෙනි මහාද්වීපයක් ?

Mount Cook, the highest peak of New Zealand - and Zealandia
Published

මෙතෙක් හඳුනා නොගත් මහාද්වීපයක් සොයාගත් බවට පර්යේෂකයන් කණ්ඩායමක් විශ්වාසය පළකරති.

තමන් සොයාගන්නා ලදැයි පවසන අලුත් මහාද්වීපය එම පර්යේෂකයන් විසින් නම්කරනු ලැබ තිබෙන්නේ 'සීලන්ඩියා'(Zealandia) යනුවෙනි.

නවසීලන්තය සහ කැලිඩෝනියා දූපත් සමූහය හැරුණ විට මෙම අලුත් මහාද්වීපයට ඇතුළත් කෙරෙන භූමියෙන් වැඩිකොටස මුහුදු ජලයෙන් යට වී ඇත.

ලෝක ගෝලය

පර්යේෂකයින් විසින් 'ජියෝලොගිකල් සොසයිටි ඔෆ් ඇමෙරිකා' ප්‍රකාශනයේ පළකර ඇති ලිපියකට අනුව, වර්ග කිලෝමීටර මිලියන පහක (වර්ග සැතපුම් මිලියන 1.9 ක්) වපසරියකින් යුතු 'සීලන්ඩියා' ඕස්ට්‍රේලියානු භූමියෙන් 2/3ක් පමණ වේ.

කෙසේවුවද, මහාද්වීපයක් වීමට අවශ්‍ය සියලු භෞතික ලක්ෂණ එම භූමිය සතු බව අදාළ පර්යේෂණය සිදුකළ විද්‍යාඥයන්ගේ අදහසයි.

එම භූමිය ඒ අවට ප්‍රදේශයට වඩා ඉහළ මට්ටමක පවතින අතර සුවිශේෂී භූ විද්‍යාත්මක ලක්ෂණ ඊට අයත්වන බව ද එම විද්‍යාඥයෝ පවසති.

New Zealand as captured from space by astronaut Tim Peake

මහාද්වීප නිලමට්ටමින් පිළිගන්නා විද්‍යාත්මක ආයතනයක් නොමැත.

එම තත්වය යටතේ ඉදිරි පර්යේෂණ සමගින්, 'සීලන්ඩියා'මහාද්වීපයක් ලෙස පිළිගැනීමට යම් කාලයක් ගතවනු ඇතැයි සැළකේ.