දැලක පැටලුනු පිටකුදු තල්මසා

Published

ඕස්ට්‍රේලියාවේ නූසා හෙඩ් (Noosa Head) ප්‍රධාන වෙරළ තීරයට ඔබ්බෙන් මෝරුන් අල්ලන දැලක පැටලුනු පිටකුදු තල්මසකු (humpback whale) බේරාගන්නා කණ්ඩායම් විසින් මුදා හැර තිබේ. ඔවුන් විශේෂ තියුණු උපකරණ භාවිත කරමින් දැල කැපූ විට තල්මසා නිදහසේ හෙමින් පීනා යනු දක්නට ලැබිණ.