තල්මසකු ගෙන් පහර කෑ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයා
Published

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි මුහුදේ දිය ක්‍රීඩාවල යෙදෙමින් සිටි ශ්‍රී ලාංකික තරුණයකු තල්මසකු ගේ ප්‍රහාරයට ලක් වීමෙන් අනතුරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
ටොන් පනහකට වඩා බර යයි සැලකෙන තල්මසා සිය පැටවා ද සමඟ ඈත දියඹේ පිහිනමින් සිට එක්වරම දිය ක්‍රීඩා කරන පිරිස වෙත පැමිණ තිබේ.
තල්මසා වල්ගයෙන් පහරදීමත් සමඟම ශ්‍රී ලාංකික බිෂාන් රාජපක්ෂ ඇතුළු දෙදෙනකු සිය බෝට්ටුවලින් මුහුදට වැටී ඇති අතර එහිදී සිහි නැතිවූ ඔහු යලි සිහි එලවාගෙන තිබෙන්නේ රෝහලේදී.
හිසරදයක් සහ උරහිසේ වේදනාවක් හැරුණු කොට ඔහුට බරපතල තුවාලයක් සිදු වී නැති බව රෝහලේදී හෙළිවී තිබේ.
දිය ක්‍රීඩාවේ නිරතව සිටි පිරිසට තල්මසා පහර දුන් අවස්තාව චැනල් 10 රූපවාහිනියේ සේවකයකු විසින් සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කොට තිබේ.