ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.

ප්‍රධාන වෙබ් අඩවියට ගෙන යන්න

අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න

ජනාධිපතිවරණ ඡන්ද විමසීම: "මම යන්න ලෑස්තියි"

බීබීසී සිංහල සේවය ගෙන එන 2019 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධ සජීවී පුවත්.

සජීවී වාර්තාකරණය

  1. සමාජ ජාල: පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

    ඡන්ද පත්‍රිකා ඡායාරූප ගතකොට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්කිරීම නීති විරෝධී බව පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර අවධාරණය කරයි.

  2. ගාල්ල දිස්ත්‍රික්කය: 50% වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කරති

    අද පෙරවරු 11:45 වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ගෙන් 50% කට වැඩි පිරිසක් සිය ඡන්දය භාවිත කොට තිබෙන බව ගාල්ල දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ පවසයි.

    ඡන්ද විමසීම සාමකාමීව පවත්වා ගැනීම පිණිස දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන් 3,500 ක් පමණ යොදවා තිබෙන බව ද ඔහු කියා සිටියේය.

    ඡන්ද විමසීම අවසාන වීමෙන් අනතුරුව මධ්‍යස්තාන තුනකදී ඡන්ද ගණන් කිරීම සිදුවීමට නියමිතය.

  3. අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා

    මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් ආයතනය පවසන පරිදි (තහවුරු කළ):

    වෙඩි තැබීම් - 01

    නීති විරෝධී ප්‍රචාරණ කටයුතු - 10

    ඡන්ද දායකයන්ට බලපෑම් කිරීම - 01

    ඡන්ද පොළ නිලධාරීන්ට කටයුතුවලට බාධා කිරීම් - 01

    වෙනත් සිදුවීම් - 01

  4. ඡන්ද දායකයන් වැඩිම සහ අඩුම දිස්ත්‍රික්ක

  5. තන්තිරිමලේ වෙඩි තැබීම ගැන පරීක්ෂණයක්

    පුත්තලම ප්‍රදේශයේ සිට මන්නාරම ප්‍රදේශය දක්වා ඡන්දය දැමීම සඳහා යමින් සිටි ඡන්දායකයන් පිරිසක් ගමන් කළ බස් රථයකට එල්ලවූ වෙඩි ප්‍රහාරය ගැන පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබේ. පැෆරල් මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පවසන්නේ අද දිනයේ වාර්තා වූ බරපතලම සිදුවීම එය බවය.

  6. හිනිදුම: පුද්ගලයෙක් අත්අඩංගුවට

    හිනිදුම මැතිවරණ කොට්ඨාසයේ තල්ගස්වල නගරයේ දී අපේක්ෂකයකුගේ සළකුණ සහ කතිරය ලකුණු කරන ලද කුඩා පත්‍රිකා ජන්ද දායකයින්ට බෙදමින් සිටි පුද්ගලයකු නාගොඩ පොලිසිය විසින් අද පෙරවරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ නාගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු වන සරත් ගනේවත්ත නමැති පුද්ගලයකු බව පොලිසිය පවසයි.

    ඔහු ඡන්ද දායකයින්ට පත්‍රිකා බෙදන බවට සහකාර තේරිම්භාර නිලධාරිවරයකු විසින් පැමිණිල්ලක් කරනු ලැබ ඇති අතර සැකකරු සන්තකයේ තිබී කුඩා පත්‍රිකා 777 ක් සහ ඔහු පැමිණි යතුරු පැදිය ද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

  7. නුවරඑලිය 40% ක් ඡන්දය ප්‍රකාශ කරති

    නුවරඑලිය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 40% මේ වන විට ඡන්දය භාවිත කර තිබේ. නුවරඑලිය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 569,028 කි.

  8. ඡන්ද පොළ අවට 'නොකළ යුතු දේවල්'

    ඡන්ද පොළ සීමාව තුළ හෝ එහි සිට මීටර 500 ක් ඇතුලත කිසිම පුද්ගලයෙකුට ඡන්දය ආයාචනය කිරීම, එක්රැස් වී සිටීම, ඡන්ද දායකයන්ට බාධා වන ලෙස හැසිරීම තහනම් බව පොලිසිය පවසයි.

    ඡන්ද පොළ වෙත ඡන්ද දායකයන් ප්‍රවාහනය ද නීති විරෝධී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියා සිටී.

  9. වවුනියාවේ වැසියෝ ඡන්ද පොළ වෙත

    වවුනියාවේ ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 117,333 කි. මන්නාරම සහ මුලතිව් වන්නි දිස්ත්‍රික්කයට අයත් සෙසු ඡන්ද කොට්ඨාස වේ.

  10. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දිය යුතු අවම නිවාඩු කාල සීමාව

    මැතිවරණ කොමිෂන් සභාව විසින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු පුද්ගලයන්ට, ජාතික මැතිවරණවලදී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මාධ්‍ය නිවේදනයට අදාලව ඡන්දය පාවිච්චි කිරීම සඳහා සේවා ස්ථානයේ සිට තම ඡන්ද පොළට යා යුතු දුර ප්‍රමාණය සහ ලබා දිය යුතු අවම නිවාඩු කාල සීමා.

  11. ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන යා යුතු ලේඛන මොනවාද?

    මැතිවරණ කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද අනන්‍යතා ලේඛන:

    • වලංගු ජාතික හැඳුනුම්පතක්
    • වලංගු රියදුරු බලපත්‍රයක්
    • වලංගු විදේශ ගමන් බලපත්‍රයක් හෝ
    • රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාමික හැඳුනුම්පතක්
    • පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් පුජ්‍ය පක්ෂය වෙත නිකුත් කරන ලද හැඳුනුම්පතක්
    • වැඩිහිටි හැඳුනුම්පතක්
  12. ඡන්දය සඳහා ලියාපදිංචි වූ සංඛ්‍යාව දිස්ත්‍රික්ක මට්ටමින්

    2019 ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හය ලක්ෂයකි (15,992,096). ඒ සඳහා ශ්‍රී ලංකාව පුරා ඡන්ද මධ්‍යස්ථාන 12845 ක් ස්ථාපිත කර ඇත.

    ඡන්ද මධ්‍යස්ථාන අමතර පැයක කාලයක් විවෘතව තැබීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. ඒ අනුව, උදෑසන 7.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ ඡන්ද දායකයන්ට සිය ඡන්දය භාවිත කළ හැක.