Breaking, වරදකරුවන් වූ 15 දෙනාට වසර 200 සිට 260 දක්වා බරපතළ වැඩ සහිත සිරදඬුවම්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනාවලට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 15 දෙනාට බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.
ඒ අනුව, එක් විත්තිකරුවෙකුට බරපතළ වැඩ සහිත වසර 260ක සිර දඬුවම් නියම වුණා.
ඊට අමතරව, විත්තිකරුවන් පස් දෙනෙකුට වසර 220 බැගින් සිර දඬුවම් ද, තවත් විත්තිකරුවන් පස් දෙනෙකුට වසර 200 බැගින් සිට දඬුවම් ද නියම වුණා.
තවත් විත්තිකරුවන් සිව් දෙනෙකුට වසර 240 බැගින් සිර දඬුවම් නියම වුණා.
ඊට අමතරව තීන්දුව පැනවූ අද දින සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන්ට අදාළ නිශ්චල හා චංචල දේපළ සියල්ල රාජසන්තක කිරීමට නියෝග කරන බව ද විනිසුරු මඩුල්ල සඳහන් කළා.











