මෙතෙක් අප දන්නේ මොනවා ද?, ඉන්දියාව පකිස්ථානයට සහ පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ආතතීන් වැඩි වෙමින් පවතී. ඔබ මේ සජීව විකාශය සමග දැන් එක්වන්නේ නම්, කෙටි සාරාංශයක් මෙන්න:
"ත්‍රස්තවාදී යටිතල පහසුකම්" ලෙස විස්තර කළ විවිධ ස්ථාන නවයකට "නිෂ්චිතව, සැලසුම් කරන ලද සහ ගැටුම් වර්ධනය නොවන" ආකාරයෙන් ප්‍රහාර එල්ල කළ බව ඉන්දියාව ප්‍රකාශ කළා.ඉන්දියාව පැවසුවේ, කිසිදු පකිස්ථාන හමුදා කඳවුරකට පහර නොදුන් බවය.
පසුගිය මාසයේ ඉන්දීය පරිපාලනයට නතු කාශ්මීරයේ සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නැතැයි, අවධාරණය කළ පාකිස්ථානය, ඉන්දියාවෙන් එල්ල වූ ප්‍රහාරය "බියගුළු ප්‍රහාරයක්" ලෙස විස්තර කළ අතර තම රටේ ස්ථාන හයකට පහර දී ඇතැයි බව පවසා තිබෙනවා.
- රාත්‍රියේ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පසු දෙරට අතර නිල නොළත් දේශ සීමාව ආශ්‍රිතව දැඩි කාලතුවක්කු ප්‍රහාර එල්ල වෙමින් තිබෙනවා.
- ප්‍රහාර වලින් ඉන්දීය පාරිපාලනයට නතු කාශ්මීරයේ පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් 32 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දියාව පවසනවා.
- ඉන්දීය ගුවන් ප්‍රහාර සහ දේශසීමා ආශ්‍රිත වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් තවත් 46 දෙනෙකු තුවාල ලබා ඇති බව පකිස්ථානය කියා සිටියා. එහෙත් "පකිස්ථානයේ සිවිල් වැසියන්ට හානි සිදුවී ඇති බවට වාර්තා වී නැහැ" යැයි ඉන්දියාව ප්‍රකාශ කළා.
- ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පෙහෙල්ගම් හිදී සංචාරකයින්ට පසුගිය මාසයේ එල්ල වූ ප්‍රහාරයෙන් පසු, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රාජ්‍යයන් දෙකක් වන ඉන්දියාව සහ පකිස්ථානය අතර සබඳතා තියුනු ලෙස පහත වැටුණා.
- ප්‍රහාරකයින් සහ පාකිස්ථානය අතර සම්බන්ධතා සොයාගෙන ඇති බව ඉන්දීය නිලධාරීන් ප්‍රකාශ කළා.එහෙත් පකිස්ථානය එය මීට පෙර තරයේ ප්‍රතික්ෂේප කළ චෝදනාවක්.
සුවිශේෂී තොරතුරු දැන ගැනීම සඳහා මෙම සජීවී විකාශය සමග එක්ව සිටින්න