භූමිකම්පා වලින් සිදුවූ මරණ සංඛ්‍යාව 164ක් දක්වා ඉහළට
වෙනිසියුලාවේ ඇති වූ භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව මේ වන විට 164ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙනිසියුලාවේ තාවකාලික (අන්තර්වාර) ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් පැවසූ බව රොයිටර් සහ AFP පුවත් සේවය වාර්තා කර සිටිනවා.
භූමිකම්පා වලින් දැඩිව බලපෑමට ලක්වූ ප්‍රාන්තයේ වන්නේ කරාකස් අගනුවරට උතුරින් පිහිටා ඇති ලා ගුයිරා බවයි ඇය කියා සිටියේ.
එම ප්‍රාන්තයේ ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් කඩා වැටී ඇති බවත් එය "ආපදා කලාපයක්" සහ "සැබෑ ඛේදවාචකයක්" ලෙස ඇය වැඩිදුරටත් විස්තර කර සිටියා.