වෙනිසියුලාවට බලපෑ මහා පරිමාණ භූමිකම්පා දෙක හේතුවෙන් අති විශාල මරණ සංඛ්‍යාවක් සිදුව ඇතැයි ජනපති ට්‍රම්ප් කියයි
"වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨ ජනතාවට බලපෑ මහා පරිමාණ භූමිකම්පා දෙකම ඉතා විශාල මට්ටමේ ඒවා වන අතර, ඒවායින් අති විශාල මරණ සංඛ්‍යාවක් සිදුව තිබෙනවා," යි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 'Truth Social' සමාජ මාධ්‍ය ජාලයේ තැබූ සටහනක ලියා තිබෙනවා.
ඇමෙරිකා එක්සත් ජනපදය උපකාර කිරීමට ඉතා කැමැත්තෙන්, සූදානමින් සහ පූර්ණ ශක්තියෙන් යුතුව සිටිනවා!"
ඉතා වේගයෙන් ක්‍රියාත්මක වීම සඳහා සූදානම් වන ලෙස තමන් "අපගේ රජයේ සියලුම ආයතන වෙත උපදෙස් දී ඇති බව" ට්‍රම්ප් කියා සිටියා.
"අපගේ මෙම නව සහ ශ්‍රේෂ්ඨ මිතුරන් වෙනුවෙන් අපි එහි පෙනී සිටින්නෙමු. මුළින් ලද වාර්තා කිසිසේත්ම යහපත් නැහැ!!!"
මේ දක්වා මියගිය හෝ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව (casualties) පිළිබඳව කිසිදු නිල වාර්තාවක් නිකුත් වී නැහැ.



