MS-13 කල්ලියේ 486 දෙනෙකු ගැන සමූහ නඩු විභාගයක් ඇරඹේ
MS-13 කල්ලියේ 486 දෙනෙකු ගැන සමූහ නඩු විභාගයක් ඇරඹේ
Published
එල් සැල්වදෝරයේ MS-13 කල්ලියේ සාමාජිකයන් බවට සැක කෙරෙන 486 දෙනෙකු සම්බන්ධයෙන් සමූහ නඩු විභාගයක් ආරම්භ වී ඇති බව එරට නීතිපති කාර්යාලය පවසයි. 2012 සිට 2022 දක්වා කාලය තුළ මිනීමැරුම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය සහ ආයුධ ජාවාරම් ඇතුළු අපරාධ 47,000කට වඩා සිදු කළ බවට මෙම කණ්ඩායමට සාමූහිකව චෝදනා එල්ල වී තිබේ.
එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් සමූහ නඩු විභාගයක් සිදු කිරීම විවේචනය කර ඇති අතර, ඔවුන් පවසන්නේ ඒ මගින් "ආරක්ෂා කිරීමේ අයිතිය ක්‍රියාත්මක කිරීම සහ රැඳවියන්ගේ නිර්දෝෂීභාවය පිළිබඳ පූර්ව නිගමනය අඩපණ වන" බව ය. නමුත් නීතිපති කාර්යාලය පැවසුවේ වැරදිකරුවන්ට "උපරිම දඬුවම්" පැනවීමට ඉඩ සලසන "බලගතු" සාක්ෂි තමන් සතුව ඇති බව ය.



