දරුවන්ගේ පෝෂණ අර්බුදය ලංකාවේ අනාගතයට බලපාන්නේ කෙසේ ද?

දරුවන්ගේ පෝෂණ අර්බුදය ලංකාවේ අනාගතයට බලපාන්නේ කෙසේ ද?
Published

ශ්‍රී ලංකාව මාතෘ මරණ අනුපාතය, ළදරු මරණ අනුපාතය, ජිවිතාපේක්ෂාව වැනි සෞඛ්‍ය දර්ශක අතින් කලාපයේ සෙසු රටවල් සමග සැසඳීමේ පසුගිය කාලය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන තිබේ.

නමුත් දශක දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව පෝෂණ මට්ටම ඉහළ නැංවීම අතින් සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන නැතැයි සෞඛ්‍ය දත්ත අනුව අනාවරණය වේ.

එය පෝෂණය පිළිබඳ ගැටලුවක් පමණක් නොව ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ බරපතළ ගැටලුවකි.