අද්විතීය ඉන්දීය තබ්ලා වාදන ශිල්පී සකීර් හුසේන් අභාවප්‍රාප්ත වෙයි

MUMBAI, INDIA - FEBRUARY 3: Tabla maestro Zakir Hussain during his performance at Shri Sanmukhananda hall, on February 3, 2020 in Mumbai, India. (Photo by Aalok soni/Hindustan Times via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සකීර් හුසේන් ග්‍රැමී සම්මාන හතරක් දිනාගෙන ඇත
Published
කියවීමේ කාලය: මිනිත්තු 2

ලොව විශිෂ්ඨ තබ්ලා වාදකයෙකු වන සකීර් හුසේන් මිය ගොස් තිබේ. මිය යන විට ඔහු 73 වන වියේ පසු විය.

ඉන්දියානු සම්භාව්‍ය සංගීතයේ ප්‍රමුඛතම චරිතයක් වන ඔහු සැන් ෆ්‍රැන්සිස්කෝහි රෝහලකදී පෙනහළු ආශ්‍රිත රෝගයක් වන ඉඩියෝපැතික් පල්මනරි ෆයිබ්‍රෝසිස් රෝගයෙන් මිය ගිය බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසූහ.

ඔහු සිව් වතාවක් ග්‍රැමී සම්මාන දිනා ගත් අතර ඉන්දියාවේ දෙවන ඉහළ ම සිවිල් සම්මානය වන පද්ම විභූෂන් සම්මානය ද දිනා ගෙන ඇත.

සිය ඉදිරිපත් කිරීම් හරහා ඔහු තබ්ලාව ගෝලීය වශයෙන් ජනාදරයට පාත්‍ර වූ ඒකල සංගීත භාණ්ඩයක් බවට පත් කළ අතර එය සංගීත ප්‍රසංගවල ප්‍රධාන වාද්‍ය භාණ්ඩය බවට පත් කළේ ය.

උතුරු ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතයේ භාවිත වන තබ්ලාව ඓතිහාසිකව ඉදිරිපත් කිරීම්වලදී යොදා ගත් සහය වාද්‍ය භාණ්ඩයක් ලෙස සැලකිණි.

ඔහුගේ අභාවය පිළිබඳ පුවත වාර්තා වීමත් සමග උපහාර දැක්වීම් ගලා ඒමට පටන් ගෙන තිබේ.

සිතාර් සහ තබ්ලා වාද්‍ය ශිල්පියෙකු වන නායන් ගෝෂ් මෙම පුවත "ඉතා කණගාටුදායක" ලෙස හැඳින්වූ අතර හුසේන් සමග ඔහුගේ ඇසුර ඔවුන්ගේ ළමා කාලය දක්වා වසර 60ක් ඈතට දිව ගිය බව පැවසීය.

"ඔහු පෙර නොවූවිරූ වැඩ කළ කෙනෙක්, සුවිශේෂී දේවල් කළ කෙනෙක්. ඒ වගේ ම සංගීත ශානර කියන සීමා බිඳ දමමින්, පරම්පරා ගණක ශිලිපීන්ට අභාෂයක් වෙමින් තබ්ලාවට ගෝලීය වශයෙන් තැනක් හදපු අද්විතීය සංගීත ශිල්පියෙක්," ඔහු බීබීසීයට පැවසීය.

1951දී මුම්බායිහි උපත ලද හුසේන්, තබ්ලා විශාරදයෙකු වූ ඔහුගේ පියා වන උස්තාද් අල්ලාරක්ඛා යටතේ පුහුණුව ආරම්භ කළේ ය.

හුසේන් ඔහුගේ පළමු ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම කළේ, වයස අවුරුදු හතේදී ය.

"පසුකාලීනව, ඔහුගේ දක්ෂතාව සහ නිර්මාණශීලී ප්‍රතිභාව හේතුවෙන් ඔහු හින්දුස්ථානී ශාස්ත්‍රීය සංගීතඥයින් සහ නර්තන ශිල්පීන්ගේ හොඳ ම සහයකයා බවට පත් වුණා," නස්රීන් මුන්නි කබීර් 2018දී ප්‍රකාශයට පත් කරන ලද ඔහුගේ චරිතාපදානයේ ලිවී ය.

2009 නිව් යෝර්ක්හි කානගී ශාලාවේදී ඔහුගේ ඉදිරිපත් කිරීම ගැන අදහස් දක්වමින්, නිව් යෝර්ක් ටයිම්ස් ඔහුව විස්තර කළේ, "අතිශය දක්ෂ ලෙස තාක්ෂණික ක්‍රම භාවිත කරන්නෙක් පමණක් නොව අසාමාන්‍ය නව නිපැයුම්කරුවෙක්."

"පැණි කුරුල්ලෙකු පියාපත් සලන වේගය මෙන් නොපෙනෙන තරම් වේගයකින් ඔහුගේ ඇඟිලි චලනය වුණත් එහි ඉතා සියුම් බවක් දිස් විය," එහි සඳහන් විණි.