ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විශ්වාසභංගය : 'දැන් දෙවියන් වහන්සේ දඬුවම් දෙන්න පටන් අරගෙන. එයින් කෙනෙක් ගෝඨාභය'
රටේ හොරකම් සහ දුෂණ වැළක්වීමේ වගකීම ජනාධිපතිවරයා සතු වගකීම බවත් ඔහු ඡන්දය සහ බලය බලාපොරොත්තුවෙන් වැරදි ක්‍රියා කරන පුද්ගලයන්ට එරෙහිව පියවරක් නොගන්නා බවත් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා අද (සැප්තැම්බර් 07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
''මේ අය එපා කියද්දීත් මම ඡන්දය දුන්නා. ජනාධිපති කරන්න (රනිල් වික්‍රමසිංහ) ඡන්දය දීපු 134 දෙනාගෙන් කෙනෙක් මම. මේ පාලකයා දැන ගන්න ඕනා මේ ගොල්ලන්ව හොරකම් කරන්නේ නැතුව ගෙනියන්න. ජනාධිපතිතුමා දැන ගන්න ඕනා කවුරුහරි වැරද්දක් කරලා තියෙනවා නම් එයාට විරුද්ධව ක්‍රියා කරන්න'' යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට අදාළ විවාදයේ දෙවන දිනයට එක් වෙමින් වෙල්ගම මන්ත්‍රීවරයා පැවසුවේය.
''ඉන්දියාවෙන් බෙහෙත් 307ක් ගෙනල්ලා තියෙනවා. එකක් කෝලිටි ෆේලියර් වෙලා තියෙනවා, ඇත්ත.හැබැයි මතක තිය ගන්න පහුගිය අවුරුදු 10 තුළ ඇවරේජ් 80යි 100යි අතර සෑම අවුරුද්දෙම කෝලිටි ෆේලියර්ස් වෙලා තියෙනවා. බැච් විඩ්රෝල් වෙලා තියෙනවා. මේක අරුමයක් නෙමෙයි" යනුවෙන් තමන්ට එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් සෞඛ්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේය.
මෙම විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම හෙට පැවැත්වේ.